‘ජෝර්ජ් කීට් පදනම’ සංවිධානය කළ ‘කලා පොළ – 2020’ එළිමහන් කලා සල්පිල කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ දී ඉකුත් 23 දා දවස පුරා පැවැත්විණි. 1993 වසරේ දී ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් මත මුල් වරට ‘කලා පොළ’ පවත්වන ලද අතර, ඊට කලාකරුවෝ 30 දෙනෙක් සහභාගී වූහ. අද වන විට මෙරට පැවැත්වෙන විශාලතම එළිමහන් කලා සල්පිල ලෙස මෙම ‘කලා පොළ’ සැලැකෙයි. ජෝන් කීල්ස් සමූහයේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද මෙවර කලා පොළට දිවයිනේ නන්දෙසින් කලාකරුවන් 312 දෙනකුට අධික ප්රමාණයක් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. මේ කලා පොළේ කළ චාරිකාවක සේයාරූ සටහනකි.












සේයාරු – රවීන්ද්රපුෂ්පකුමාර