ශ්‍රී ලංකාව තරග තුනම දිනාගනියි

38

තරග තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ තරග තුනම ජයගනිමින් ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අවසන් තරගය විටෙක තියුණු තරගයක් බවට පත් වුවද තිරණාත්මක අවසන් පන්දු ඕවරය සියතටගත් ඇන්ජලෝ මැතිව්ස් පල්ලේකැලේ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රීති ඝෝෂා මැද කොදෙව්වන් අවසන් ඕවරයේදී පරාජය කළේය.

ශ්‍රී ලංකාව තරග තුනම දිනාගනියි

තරග තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය තරග තුනම ජයගනිමින් ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අවසන් තරගය විටෙක තියුණු තරගයක් බවට පත් වුවද තිරණාත්මක අවසන් පන්දු ඕවරය සියතටගත් ඇන්ජලෝ මැතිව් පල්ලේකැලේ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රීති ඝෝෂා මැද කොදෙව්වන් පරාජය කළේය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තිරණය කළේය.

ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා ලකුණු  60ක ශක්තිමත් සබඳතාවක් ගොඩ නැගුවේය.

අනතුරුව දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 44ක් රැස් කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා  රැස්කළ ලකුණු සංඛ්‍යාව 51ක්. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 307ක් රැස් කර ගත්තා.

ලකුණු 308ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල ලකුණු 111ක සබඳතාවක් ගොඩ නගමින් ඉනිම ශක්තිමත් කළේය.

එහෙත් අවසානයේදී කොදෙව්වෝ සිය ඕවර පනහ අවසාන ලබාගත්තේ කඩුළු නවයකට ලකුණු 301ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 6ක තියුණු ජයක් අත්කර ගත්තේය.

අවසන් තරගයේ වීරයා වුයේද ඇන්ජලෝ මැතිව්ස්ය.

Previous articleනාමල්ගේ නඩුවත් වෙන පාරක යයි
Next articleවිස්සයි විස්ස සංචිතය නම් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here