‘මනෝරත්න නම් සංස්කෘතික මිනිසා’

26

පසුගියදා අප අතරින් සමුගත් ජයලත් මනෝරත්න කලාකරුවාගේ කලා භාවිතාව පිළිබඳ විවිධ අදහස් ඇත්තන්ගේ හැන්දෑව පසුගිය 28 දින බත්තරමුල්ල සුභූති පුර ‘අවකාශය’ පරිශ්‍රයේ දී පැවැත්විණි.

‘අවකාශය ඩිජිටල් ‘ සංවිධානය කළ මෙම සැදෑව නම් කර තිබුණේ ‘මනෝරත්න නම් සංස්කෘතික මිනිසා සමග කෝපි හැන්දෑව’ ලෙසයි.

සෞම්‍ය ලියනගේ, හිනිදුම සුනිල් සෙනෙවි, ධර්මසිරි බණ්ඩාරනායක, විදර්ශන කන්නන්ගර, නිශ්ශංක දිද්දෙණිය, චන්ද්‍රසෝම බින්දුහේවා, ප්‍රගීත් රත්නායක ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වූ අතරම චාමිනී දර්ශිකා සහ විමල් කැටිපේආරච්චි මෙම සැදෑව සහෘද සංකතනයෙන් දායක විය. පටිගත කිරීම් සහ විද්‍යුත් සන්නිවේදන කාර්ය ‘අවකාශය ඩිජිටල් ‘ සිදු කළේය.
මෙම අවස්ථාව මනෝරත්නයන් ගේ නාට්‍ය ගීත වලින් රසවත් කළේ ඉෂාර වික්‍රමසිංහ සහ තේරුණි ආශංශා විසිනි.

මෙම වැඩසටහන රූපගත කෙරුනේ ‘අවකාශය ඩිජිටල්’ හී අපුරු තිදෙනෙකු විසිනි ඒ දනුක, නූතන හා ප්‍රගීත් නම් පෙනුමෙන් එකවගේ කොන්ඩ, රැවුල් කරුවන් තිදෙනෙකි.

මෙහිදී මෙම වැඩසටහන අතරතුර ප්‍රගීත් රත්නායක ඔහු දකින මනෝරත්නයන් සිතුවමට නැගි අතර එම සිතුවම අවසානයේදී මනෝරත්නයන් ගේ පුත් භානුක මනෝරත්න වෙත පිරිනමන ලදී.

පසුව මුහුණු පොතේ සටහනක් තබන ප්‍රගීත් රත්නායක මේ විදිහට කියනවා.

“මනෝමය මනෝ”

බත්තරමුල්ල “අවකාශය” විසින් සංවිධානය කර තිබූ ජයලත් මනෝරත්න මහතා ගැන කතාබහ එක එක විදියට ඇදී ගියා. විවිධ අය එක එක ෂානර ඔස්සේ මනෝව කියවීය. මට මනෝව මම තේරුම් ගත් ආකාරය එම කතා බහ අස්සේ සිතුවමින් එලියට ගන්න උත්සාහ ගත්තා. ඇත්තටම මට මනෝරත්නයන් landscape එකක්..මම ඔහු Landscape කලා. මනෝරත්නයන් කියන්නෙ මට මගේ කාලය, දැනුම සහ වයස අනුව තේරුම් අරන් ඉවර කරන්න බැරි චරිතයක්. ඉතින් මම කොහොමද ඔහු ඇඳල ඉවර කරන්නෙ? ඉතින් මම ඇන්ඳෙ finish නොකරපු චිත්‍රයක් .ක්ෂිතිජ රේඛාවට සමාන්තරව ඒ ඇස පිහිටෙව්වා. එතැන සිට ඇස් මට්ටමෙන් ඉහළටත් ඇස් මට්ටමෙන් පහළටත් මනෝව කියව ගන්න අපි උත්සාහ ගනිමු. එතකොට අපි හැමෝටම එකතු වෙලා මනෝරත්නයන්ගේ චිත්‍රය සම්පුර්ණ කරන්න පුලුවන් වෙයි. ඒ කියන්නෙ අපි මනෝරත්නව තේරුම් ගත්තා කියන එක. අපි එහෙනම් මනොරත්නව තේරුම් ගනිමු. සම්පූර්ණ මතකයෙන් ඇන්ඳ මනෝගේ ඒ බැල්මෙන් අපට මිදෙන්න බැරි වෙයි.

අවකාශය ඩිජිටල් හි කොන්ඩ කරුවන් තිදෙනා

ප්‍රගීත්
දනුක
නූතන
Previous articleභාව ප්‍රකාශනයේ රන්සළුව අනුලා
Next articleනාමල්ගේ නඩුවත් වෙන පාරක යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here