පපරේ ජය සහිරාට

21

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය හා පපරේ ඩොට් කොම් අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව කොළඹ සහිරා විදුහල දිනා ගැනීමට සමත්ව තිබේ. රීඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැති සාන්ත පීතර හා සහිරා විදුහල් අතර අවසන් මහා තරගයේදී ගෝල් 2- 0 ක ජයක් සහිරා විදුහල දිනා ගත්තේය.

තරගයේ පළමු භාගයේදී දෙපිලම ගෝල් වාර්තා නොකළ අතර 56 වැනි මිනිත්තුවේදී සහිරාවේ රූමි රාසාත් 89 වැනි මිනිත්තුවේදී මොහොමඩ් සජීඩ් දෙවැනි ගෝලය සහිරා පිලට එක් කළහ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ  සහිරා විදුහලේ මොහොමඩ් අකීබ්ය. ඔහුට ගෝල්ඩන් බෝල් සම්මානය හිමිවිය. වැඩිම ගෝල් වාර්තා කළ ක්‍රීඩකයාට හිමිවන ගෝල්ඩන් බූට් සම්මානය කොළඹ සාන්ත ජෝෂප් විදුහලේ ෂෙනායී සන්දේෂ්ට හිමි විය. දක්ෂතම ගෝල් කීපර්ට හිමි ගෝල්ඩන් ගලව් සම්මානය සහිරා විදුහලේ මොහොමඩ් ෂකීර් දිනාගත් අතර අවසන් තරගයේ වීරයා වූයේ සහිරා විදුහලේ මොහොමඩ් සජීඩ්ය.

Previous articleවිජේදස කියන්නේ බොරුලු
Next articleවසර 20කට පසු අලුත් වාර්තාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here