GoAir කොළඹින්

15

ආසියාවේ වඩාත්ම විශ්වාසදායී, නියමිත වෙලාවට වැඩකරන  සහ ශීඝ්‍ර වර්ධනයක් සහිත ගුවන් සේවය වන GoAir ගුවන් සේවය දකුණු ආසියාව වෙත තම ව්‍යාප්තිය අඛණ්ඩව ගෙනයමින් කොළඹ -නව දිල්ලිය-කොළඹ සහ කොළඹ – බැංගලෝරය -කොළඹ වෙත සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කර තිබේ.

GoAir ගුවන් සේවය 2020 මාර්තු සිට ශ‍්‍රී ලංකාවට තම ගුවන් ගමන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, එහි මංගල ගුවන් ගමන මාර්තු මස 20 වන දින ආරම්භ වීමට නියමිතව ඇත. ආකර්ශනීය ගුවන් ගමන් ගාස්තු සහිතව මෙම ගුවන් ගමන් වාර හඳුනවා දී ඇති අතර කොළඹ-නව දිල්ලිය-කොළඹ වෙත  යාමට සහ ආපසු ඒමට ගුවන් ගමන් ගාස්තුව ශ‍්‍රී ලංකා රුපියල් 35,512 සිට සහ කොළඹ -බැංගලෝරය-කොළඹ වෙත යාමට සහ ආපසු ඒමට ගුවන් ගමන් ගාස්තුව ශ‍්‍රී ලංකා රුපියල් 24,900 සිට ආරම්භ වන බව එම ගුවන් සමාගම නිවේදනය කර සිටි.

GoAir ගුවන් සේවයේ අභ්‍යන්තර ගුවන් සේවාවන් නව දිල්ලියේ සහ බැංගලෝරයේ සිට වරණාසි (උත්තර් ප‍්‍රදේශ්) සහ පට්නා (බිහාර්) වෙත සෘජු ගුවන් ගමන් සේවා සපයනු ලබන අතර ප‍්‍රමුඛතම බෞද්ධ සිද්ධස්ථාන පිහිටි ප‍්‍රදේශ වන බුද්ධගයා වෛශාලි, බිහාර් හි රාජ්ගීර්, උත්තර් ප‍්‍රදේශ්හි සරනාත්, ශ‍්‍රාවස්ති, කුෂිනගර් (කුසිනාරා) වැනි ස්ථාන ද මීට අයත් වේ.

නව ගුවන් ගමන් ආරම්භය පිලිබඳ අදහස් දක්වන ගෝඑයාර් හි කළමනාකාර අධ්‍යක්ෂ ජේ වාඩියා “වර්ෂ 2018 සිට ජාත්‍යන්තර වෙළඳපොල වෙත ප‍්‍රවේශ වීම සඳහා අප අනුගමනය කළ වර්ධනීය උපායමාර්ගික  සැලසුම් අතර එක්  ප‍්‍රධාන ගුවන් ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාව හඳුන්වා දීමට පුළුවන්. මේ වන විට අප A320 වැනි ගුවන් යානා 144 ක් ඇණවුම් කර තිබෙන අතර ඉදිරි වසර 7-8 කාලය තුළ දළ වශයෙන් මසකට එක් ගුවන් යානයක් අපට ලැබෙනු ඇත. ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන සීරියම් ආයතනය විසින් නියමිත වෙලාවට ගුවන් ගමන් සේවා සපයන ආසියාවේ හොඳම ගුවන් සේවා 10 අතරට GoAir ශ්‍රේණිගත කර තිබෙනවා.එසේම ගුවන් මගීන් මිලියන 1.4 ක සහභාගිත්වයෙන් කරන ලද, ඇමරිකානු පදනමක් සහිත APEX  සමීක්ෂණයේ දී තරු හතරෙන් හතරම ලබා ගැනීමට ද GoAir ගුවන් සේවය සමත් වී තිබෙනවා. එහිදී මගීන් විසින් සමස්ත ගුවන් ගමන් අත්දැකීම, කැබින් සේවය, ආසන සුව පහසුව, පිරිසිදුකම, සහ ආහාර පාන සම්බන්ධයෙන් තම ඇගයීම් ලබා දී තිබෙනවා. දැන් කොළඹ සිට අප සමග ගමන් ගන්නා ගුවන් මගීන්ටත් මෙම සුපිරි සේවය අත්විඳීමට හැකි බව සතුටින් ප‍්‍රකාශ කරන්න පුළුවන්. එසේම අප හට ලබා දුන් සහයෝගය සම්බධයෙන් ශ‍්‍රී ලංකා රජයටත්, ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියටත්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිලධාරීන්ටත් අවසන් වශයෙන් අපගේ GSA සහකරු වන එයිට්කන් ස්පෙන්ස් සමාගමටත් මගේ හදපිරි ස්තූතිය මේ අවස්ථාවේදී පිරිනමනු ලබනවා.” යැයි පැවසීය

GoAir සේවය ශ‍්‍රී ලංකාවේ හඳුන්වාදීමේ මාධ්‍ය සාකච්ඡාවේදී GSA සහකරු වන එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ ව්‍යාපාර සංවර්ධන /වැවිලි අංශ ප‍්‍රධානි සහ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් ප‍්‍රනාන්දු අදහස් දක්වමින් ” ගෝඑයාර් සිය 10 වන ජාත්‍යන්තර ගමනාන්තය ලෙස ශ‍්‍රී ලංකාව සනිටුහන් කිරීමත් එයිට්කන් ස්පෙන්ස් හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන රෝයල් ස්පෙන්ස් වන අප ඔවුන් සමග ගුවන් හවුල්කාරිත්වයක්  ඇති කරගැනීමට  හැකිවීම  පිලිබඳවත් අප වඩාත් සතුටටත් ආඩම්බරයටත් පත් වෙනවා. එයිට්කන් ස්පෙන්ස් වසර 40 කට වැඩි කාලයක් පුරා ශ‍්‍රී ලංකාව,මාලදිවයින,සහ බංගලාදේශය යන රටවල ගුවන් සමාගම් නියෝජනය කරමින් තම ව්‍යාපාර මෙහෙයවා තිබෙනවා. එසේම වසර 150 කට පෙර එයිට්කන් ස්පෙන්ස් ආයතනය තම ව්‍යාපාර ඇරඹීමේදී සිය ව්‍යාපාරික පදනම හවුල්කාරිත්වය මත ගොඩ නගා තිබෙන බව ඔබ අප සැම දන්නා කාරණයක්. එමෙන්ම අප  ආයතනය අද වන විට ශ‍්‍රී ලංකාවේ හෝටල්, සංචාරක, සමුද්‍ර සේවා, ලොජිස්ටික් සොලියුෂන්ස් සහ බලශක්ති උත්පාදනය වැනි අංශයන්හි ක‍්‍රියාත්මක වන මූල්‍යමය වශයෙන් ස්ථාවර ප‍්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන අතර වැවිලි, රක්ෂණ, මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණ, මුද්‍රණ සහ ඇඟලූම් යන අංශ කෙරෙහි ද ආයතනය සැළකිය යුතු අවධානයක් යොමු කර තිබෙනවා. ගෝඑයාර් ගුවන් සමාගම සමග අප ඇති කරගත් මෙම හවුල්කාරිත්වය ගමනාන්තයක් ලෙස ඉන්දියාව සඳහා වැඩිවෙමින් පවතින දේශීය වෙළඳපොළ ඉල්ලූමට සැළකිය යුතු දායකත්වයක් දැක්වීමට හැකියාව ලැබෙනු ඇතයි අප විශ්වාස කරනවා යැයි ”පැවසීය.

Previous article“සංචාරක උදාව 2020”
Next articleවිජේදස කියන්නේ බොරුලු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here