ශානිටත් නොතීසි යවයි

8

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මාර්තු මස 3 වනදා පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන මහත්වරුන්ට මෙලෙස නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ වයඹ නාවික කලාපය භාර ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක සාක්ෂි ලබාදුන්නේය.

එම සාක්ෂිවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ.

අද්මිරාල් ඩී.කේ.පී දසනායක මෙම කොමිසම හමුවේ පෙනී සිටි දෙවන අවස්ථාව මෙයයි. එහිදී ඔහු පවසා සිටියේ තරුණයින් 11 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට අදාලව තමා අත්අඩංගුවට ගැනීම තුළින් තමාට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවයි.

තමන්ව අත්අඩංගුවට ගැනීමේදී එය අධීක්ෂණය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ල වී ඇති ඇතැම් චෝදනාවලට එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම ප්‍රකාශ කරන ලෙස තමන්ට සහ තම බිරිඳට බලපෑම් කළ බව ද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේය.

Previous articleබොදුබලේට නොර්වේ සල්ලි
Next article“සංචාරක උදාව 2020”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here