ටෝකියෝ ඔලිම්පික් උළෙල නියමිත දිනට පවත්වනවා

12

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් කියා සිටින්නේ කොරෝනා වෛරස් රෝගයක් පැතිරීමේ තර්ජනය නොතකා නියමිත වේලාවට ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා ඔවුන් පූර්ණ වශයෙන් කැපවී සිටින බවයි.

මෙම වසරේ ජුලි 24 සිට ටෝකියෝ හි පැවැත්වෙන සාර්ථක ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පූර්ණ වශයෙන් කැපවී සිටින බව තෝමස් බැච් ජපන් මාධ්‍ය වෙත පවසා ඇත.

2020 ගිම්හාන ඔලිම්පික් උළෙල, නැතහොත් 2020 තෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ජපානය මේ වන විට සූදානම් වෙයි. කෙසේවෙතත් කොරෝනා ආසාදිතයන් වැඩි වීම පාලනය කිරීමටද ජපානය උත්සාහයක් ගන්නා බව විදෙස් මාධ්‍ය පවසයි. 2013 වසරේ සැප්තැම්බර මාසයේ දී ආජන්ටිනාවේ පැවති 125 වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු හමුවේ දී තෝකියෝ නුවර 2020 ඔලිම්පික් සඳහා යෝජනා විය. එදා සිටම ජපානය මේ සඳහා සුදානම් වනු දක්නට ලැබිණි.

1964 වසරෙන් පසු ජපානයට ගිම්හාන ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට ලැබුණු පළමු අවස්ථාව ලෙස සඳහන් වේ. එසේම ඔලිම්පික් උළෙලක් දෙවන වතාවටත් පැවැත්වෙන ප්‍රථම ආසියාතික නගරය ලෙස තෝකියෝ මින් ඉදිරියට ඉතිහාසගත වෙයි. ජපානය තුළ මීට පෙර එක් වරක් ගිම්හාන ඔලිම්පික් උළෙල පවත්වා ඇති අතර, ශීත ඔලිම්පික් තරගාවලිය දෙවරක් පවත්වා ඇත. ඒ 1972 වසරේ හා 1998 වසරේ දිය.

2018 වසරේ සිට 2022 වසර දක්වා අඛණ්ඩව ආසියාවේ ඔලිම්පික් උළෙලවල් තුනක් පැවැත්වීම ද මෙහිදී විශේෂ කරුණකි.
ඒ 2018 වසරේ ශීත ඔලිම්පික් උළෙල දකුණු කොරියාවෙත් 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල ඉදිරි ජුලි මස ජපානයේත්, 2022 ශීත ඔලිම්පික් උළෙල චීනයේ බිජිංවලත් පැවැත්වීමට නියමිත යි.

ඡායාරුප-අන්තර්ජාලයෙන්

Previous articleජපානයේ සියලු රජයේ පාසල් වසයි
Next articleසජින් වාස් මාර්තු 12 තෙක් රිමාන්ඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here