මේ වන විට නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රට පුරා තිබෙන සියලු රජයේ පාසල් වසා දමන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද (27) ප්‍රකාශ කළේය.
චීනයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය අද වන විට රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට පැතිර ගොස් තිබෙන අතර එය රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණක් ලෙස මෙම තීරණයට පැමිණි බව ජපාන අග්‍රාමාත්‍ය වරයා පවසයි.
ජපානයේ දරුවන්ගේ සහ අනෙකුත් සියලු දෙනාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සළකා බලා පාසල් වසා දැමීමට ආණ්ඩුව එමපියවර ගැනීමට ප්‍රධාන හේතුව බවද ජපාන අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව මාර්තු 2 වැනිදා සිට වසන්ත කාලයේ නිවාඩුව තෙක් පාසල් තාවකාලිකව වසා දමන්නට තීරණය වී තිබේ. අනෙක් බොහෝ රටවල මෙන්ම ජපානය තුළ ද මුකවැසුම් නොමැති වීම නිසා එහි ජනතාව මහත් ගැටලුවකට පත්ව තිබේ.

pix-kyodo news