ශ්‍රී ලංකාවට ලකුණු 161කින් ජයක් – ක්‍රීඩාලෝලීන්ට ප්‍රහාරයක්

13

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ඊයේ (26) දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 345 ක් ලබාගත්තේය.

එහිදී කුසල් මෙන්ඩිස් (119) සහ අවිශ්ක ප්‍රනාන්දු (127) ශතක ලබාගත් අතර කොදෙව් පිලට ලබා ගැනීමට හැකිවුවේ ඕවර 39.1 කදී – 184/10 පමණි.

මේ අනුව ලංකාව සහ බ.ඉ.කොදෙව් අතර සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති 2වැනි එක්දින තරගයෙන් ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ක්‍රීඩකයින් බසයෙන් ක්‍රිකට් නිලධාරීන් ගුවනින් යයි

“ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර ඊයේ (26) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා තරඟයට සහභාගි වීමට ශ්‍රී ලංකා සහ කොදෙව් ක්‍රීඩකයන් කොළඹ සිට බස් රථවලින් සූරියවැව දක්වා ගමන් කරද්දී තරඟය නැරඹීම වෙනුවෙන් ක්‍රිකට් ආයතන නිලධාරීන් 50කට ආසන්න සංඛ්‍යාවක් ගුවන් යානයක් වෙන්කරගනිමින් එහි ගොස් තිබේ. “

බොහෝ විට ශ්‍රී ලංකාවේ දිගින් දිගටම දිදුවී ඇත්තේ මෙසේමය එනම් ක්‍රීඩකයින්ට වැඩි සැලකිල්ලක් දක්වනවා වෙනුවට ක්‍රිකට් නිලධාරින් තමන්ගේ ගොඩට බෙදා ගැනීමය.

ආරක්ෂකයින් ක්‍රීඩාලෝලීන්ට පහරදීලා

මේ අතර හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති එක්දින ක්‍රිකට් තරගය නැරැඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ට ටිකට් පත් මිලදී ගත්ත ද ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට නිසි පහසුකම් ලබාදීමට ක්‍රිකට් බලධාරීන් ඉඩ ලබා නොදීම නිසා, පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශවල පහර කෑමටද ක්‍රීඩාලෝලීන්ට සිදුවිය. මෙම තරඟය වසර පහකට පමණ පසු සූරියවැව ක්‍රීඩාංගනයේ පැවති දිවා රාත්‍රී තරඟයක් නිසා මේ තරඟය සඳහා විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් සහබාගි විය , මෙම ක්‍රීඩාංගනයේ 35000 කට තරඟ නැරඹීමේ පහසු කම් තිබේනවා යයි කිව්වද මෙම ක්‍රීඩා ලෝලීන්ට ටිකට්පත් රැගෙන පැමිණියද ඔවුන්ට ක්‍රීඩාංගනයට ඇතුළුවීමට තිබුනේ ගේට්ටු දෙකක් පමණයි. එය පැමිණ සිටි ක්‍රීඩාලෝලීන් විශාල සංඛ්‍යාවට ප්‍රමාණවත් නැත. එනිසාම ක්‍රීඩාලෝලීන් දොරටු අසල තදබදයක් ඇතිවීම නිසා මෙම පොලිස් පහරදීම සහ STF කැඳවීම සිදු විය .

Previous articleමිග් යානා ගනුදෙනුව- උදයංග 11 තෙක් රිමාන්ඩ්
Next articleජපානයේ සියලු රජයේ පාසල් වසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here