මිග් යානා ගනුදෙනුව- උදයංග 11 තෙක් රිමාන්ඩ්

18

මිග් යානා ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද (26) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට නැගුණු චෝදනාවන්ට අදාළව රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බන්ධ විමර්ශන සිදුවෙමින් පවතයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතළ මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

එහිදී උදයංග වීරතුංග විසින් මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට පොලිසිය ඔහුට චෝදනා කර තිබිණි.

වසර 05 ට අධික කාලයක් පුරා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම නඩුවෙන් ඉවත් කර ඇති අතර එලෙස ඉවත් කිරීමට හේතුව කුමක් ද? යනුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගියදා නැගූ ප්‍රශ්නයට ලද පිළිතුර වූයේ, “එම නිලධාරියාට ස්ථාන මාරුවක් ලැබී ඇති,” බවය.

මෙහිදී පොලිසිය මෙම නඩුව මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකගේ දැඩි විවේචනය එල්ල විය.

Previous articleළමා ආරක්ෂක අධිකාරිය ළමයින් වෙනුවෙන් පිහිට වෙන තුරු
Next articleශ්‍රී ලංකාවට ලකුණු 161කින් ජයක් – ක්‍රීඩාලෝලීන්ට ප්‍රහාරයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here