වැටුප් විෂමතා සහ තවත් ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්, ගුරුවරු සහ විදුහල්පතිවරු හෙට දිනයේ දී (26) සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම,පෙරවරු 9.30 ට බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනයේ සිට අධ්‍යාපන අමාත්‍යංශය දක්වා විරෝධතා පා ගමනක නිරත වීමටද ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් තීරණය කර තිබේ.
තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් බළධාරීන් සමග සාකච්ඡා කළ නමුත්, සාධාරණ විසදුමක් නොලැබීම මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට හේතුව බව, වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ පවසයි.