වාර්ෂික පවත්වනු ලබන රාජ්‍ය නාට්‍ය උළෙල පෙබරවාරි මස 15 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා මරදාන එල්ෆිනිස්ටන් රඟහලේදී පැවැත්වේ. මෙවර එය සංවිධානය කරනු ලබන්නේ බුද්ධ ශසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව යි.
පෙබරවාරි මස 15 වැනිදා සිට පෙබරවාරි මස 26 වැනිදා දක්වා දිගු නාට්‍ය ප්‍රදර්ශනය වන අතර පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා කෙටි නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මෙම නාට්‍ය උළෙල සඳහා උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන අයුරින් සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම තෝරාගනු ලබන නාට්‍ය ඇතුළත්ය.
නාට්‍ය වේදිකාගත වන දින සහ වේලාවන්
සුදත් අබේසිරිවර්ධනගේ ගිනි ගිනි මාලේ – පෙබරවාරි 15 වැනිදා පස්වරු 06.30
ඩබ්. එස්. විජේසිංහගේ ගලේ පිපෙන මල් – පෙබරවාරි 16 වැනිදා පස්වරු 06.30
නිලංක නිසංලාගේ අතරමැදියා – පෙබරවාරි 17 වැනිදා පස්වරු 06.30
අකිල සපුමල්ගේ මඟුල් කපුවා – පෙබරවාරි 18 වැනිදා පස්වරු 06.30
ධර්මප්‍රිය ඩයස්ගේ මම නෙවෙයි වෙන කෙනෙක් – පෙබරවාරි 19 වැනිදා පස්වරු 06.30
හේවගේ බන්දුලගේ විජයන්තිමාලා – පෙබරවාරි 20 වැනිදා පස්වරු 06.30
සංජීව උපේන්ද්‍රගේ සාක්කිකාරි – පෙබරවාරි 21 වැනිදා පස්වරු 06.30
සචිත්ර රාහුබද්ධගේ හස්තිරාජ මහත්තයා – පෙබරවාරි 24 වැනිදා පස්වරු 06.30
ඒ. විමලරාජ්ගේ පරපිලන්ද වන්නතිප්පුච්චි – පෙබරවාරි 25 වැනිදා පස්වරු 06.30
ඒ. සත්යනන්දම් සහ එස්. ප්‍රදීප් ගේ මන්කුලිතු – පෙබරවාරි 26 වැනිදා පස්වරු 06.30