කොදෙව්වන්ට දඩයක්

16
CHESTER-LE-STREET, ENGLAND - JULY 01: Nicholas Pooran of West Indies walks off after being dismissed as he is embraced by Dimuth Karunaratne of Sri Lanka during the Group Stage match of the ICC Cricket World Cup 2019 between Sri Lanka and West Indies at Emirates Riverside on July 01, 2019 in Chester-le-Street, England. (Photo by Stu Forster-IDI/IDI via Getty Images)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා – කොදෙව් පළමු එක්දින තරගයේ දී නියමිත කාලය තුළ පන්දු යවා නිම නොකිරීම ඊට හේතුවයි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයේදී එක් කඩුල්ලක තියුණු ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරගයේ දී නියමිත කාලයට පන්දුවාර සංඛ්‍යාව ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

නියමිත කාලය තුළ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යවා නොමැති පන්දුවාර සංඛ්‍යාව 2කි.

කොදෙව් නායක කරන් පොලාඩ් ද එම වරද පිළිගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේය.

ඒ අනුව කොදෙව් ක්‍රිඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් එම කවුන්සිලය විසින් නියම කර තිබේ.

Previous articleකොවිඩ් 19 ඉතාලියට
Next articleවිනී හෙට්ටිගොඩ කාටුන් ‘ලංකා’ 2020-02-23

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here