කොවිඩ් 19 ඉතාලියට

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ විට සිදුව ඇති පුද්ගල මරණ 2467ක් ඉක්මවා තිබේ. මේ අතර වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලියේ සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමඟ නවතා දැමීමට එරට බලධාරීහු පියවර ගත්හ.

චීනයේ වුහාන් නඟරයෙන් ඇරඹි නව කොරෝනා වෛරසය අද වන විට යුරෝපයට පවා ව්‍යාප්ත වෙමින් පවතියි.

යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඉතාලිය යි. එහි ආසාදිතයින් 150කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර මරණ තුනක් සිදුව තිබේ.

වෛරස ව්‍යාප්තිය හමුවේ මිලාන් සහ වැනිස් නගරවලට ආසන්නව පිහිටා ඇති උතුරුදිග ප්‍රදේශ දෙකක් නිරෝධායනයට ලක්කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

50,000 කට ආසන්න පිරිසකට විශේෂ අවසරයකින් තොරව ඉදිරි සති දෙක තුළ වෙනෙටෝ සහ ලොම්බාර්ඩි ප්‍රදේශවල නගර කිහිපයකට ඇතුළු වීම හෝ ඉන් පිටවීම වාරණය කර ඇත.

කලාපයෙන් පිටත බොහෝ ව්‍යාපාර සහ පාසල් ක්‍රියාකාරකම් අඩපණවී ඇති  අතර ඉහළ පෙළේ පාපන්දු තරඟ කිහිපයක් ඇතුළුව ක්‍රීඩා ඉසව් අවලංගු කර තිබේ.

Comments are closed.