ජෙට්ස්ටාර් ලංකාවට

9

ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවය 2020 ජුලි 1 වන දින සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් වාර අරම්භ කරනු ලබයි. සිංගප්පූරුවේ සිට ගමන් අරඹන ජෙට්ස්ටාර් ඒෂියා හි 25 වන ගමනාන්තයට බවට කොළඹ පත්වන අතර මෙරටට පැමිණෙන Qantas සමූහයේ පළමු ගුවන් සේවයද එයයි.

සිංගප්පූරුව සහ කොළඹ අතර සෘජුව ක්‍රියාත්මක වන එකම අඩු වියදම් ගුවන් සේවයද  (low-cost carrier – LLC) ජෙට්ස්ටාර් ඒෂියාය.

Jetstar Asia වෙබ් අඩවිය හරහා සිංගප්පූරුව හා කොළඹ අතර ආසන වෙන් කිරීමේ පහසුකම මේ වන විටත් ආරම්භ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජෙට්ස්ටාර් ඒෂියා හි ප්‍රධාන විධායක නිලධාරී බාරා පසුපති පැවසුවේ, සංචාරකයින් විසින් සිය ගමනාන්තයක් ලෙසින් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් තෝරා ගන්නා හෙයින් සිය ගනුදෙනුකරුවන් සඳහා ආකර්ෂණීය නව ගමනාන්තයන් අඛණ්ඩව විවෘත කිරීමට ජෙට්ස්ටාර් ඒෂියා කැපවී සිටින බවයි ඔහු පවසන්නේ.

Previous articleආයිබොවන්ඩ දයා
Next articleසෞදියේ රියාද් G 20 හමුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here