ආයිබොවන්ඩ දයා

කතාව ප‍්‍රාඩෝ එකෙන් වුණාට කෙරුවාවනං විල්බැරැක්කෙන් කියල අලූත් උපහැරණයක් හදන්න හිතුණා මේ දවස්වල තමුන්නැහැල කියන-කොරන දේවල් දිහා බලපුවහම. හැබෑටම ආයිබොවන්ඩ අලූත හදා ගත්තය කියන ඔය සිරිලංකා නිදහස් පොදුජන සංදානෙද මොකක්ද කියන එකෙන් හුදී ජනතාවට මුන්නැහැල කොරපු ලොකුම සේවෙ හැටියට සලකන්න පුඵවන් කාරණේ තමා විලිලැජ්ජාව කියන වචනෙ ඔහෙලගෙ සද්දකෝසෙන් සම්පූර්ණෙන්ම කපල දාපු එක. මහින්ද-බැසිල් දෙබෑයන්ගෙ අතේ තෝං ලණුව තියාගෙන අටවපු ඔය උගුලෙන් මෛත‍්‍රි ගොයියයි-මුන්නැහෙයි දෙබානගෙම නාස්පුඩු විදලා තියෙන හැටි දැක්කහම අනේ ඇස්. ඩබ්ලිව්ලා, සිරිමාවොලා, චන්ද්‍රිකාලා වගේ නායක-නායිකාවො බිහි කොරපු සිරිලංකා නිදහස් පක්සෙට මොන කරුමයක් පරිසන් දීලද කියල හිතිලා අපේ පපුකැනති හෝස් ගාලා පත්තුවෙනවා දයෝ.

අවුරුදු හැත්තෑවකට විතර එපිට අත ලකූණෙන් පටන් අරගෙන දේසපාලන රගමඩලේ වීර චරිතවලට පන පොවමින් සිරිලංකා නිදහස් පක්සෙ ඇවිත් තියන අයිතිහාසික ගමන දිහා නිකමටවත් හැරිල බලන්න හිතක් පහළ වුනේ නැද්ද මහා ලේකම්තුමෝ පොහොට්ටුවත් එක්ක ඔය පූට්ටු ගිවිසුම අත්සන් කොරන්ඩ කලින් ? අපි ගහන පදේට බඩපිනුම් ගහන්ඩ බැරිනං තනියම තරග කොරල පාර්ලිමේන්තු වරෙල්ලකො කියල ඔටුන්නට ඉව අල්ලන නාමල් කුමාරයා පහුණු දවසක රටටම ඇහෙන්ඩ බෙරිහන් දෙනකොට හෙට අනිද්දම ඔහෙලා නකුටු අකුලගෙන රජ ගෙදර පිළිකන්න පැත්තට බඩගාගෙන යන එකත් තමුන්නැහැ නියෝජ්ජ ඇමතිකොම බාරගත්ත වගේම ස්තිරය කියලා අපිනං සහසුද්දෙන්ම දැනං උන්නා.

ඒ මදිවට බලමුකො දයා අර දයිවයේ සරදමද මොකක්ද කියන කතාවත් ඔහේගෙ පස්සෙන්ම පිස්සු බල්ලෙක් වගේ පන්නගෙන එන හැටි. රාජපක්ස රාජදානියෙ කර්මාන්ත රාජකාරිය කොරන්ඩ උනා වගේම ඔහේට පොහොට්ටු සංදානෙ ඇතුළෙ දේසපාලන හයිය උරගා බලන්ඩ වෙලා තියෙන්නෙත් වීරවංස මුලාදැනිතුමා යටතෙම නේද? අතද පොහොට්ටුවද වගේ සිම්බල් පුරස්න හරිම සිම්පල් දේවල් කියල යටත් ගිවිසුමට ගහපු අත්සනේ තීන්ත වේලෙන්ඩත් කලිං මුන්නැහැල පවත්තපු මාධ්‍ය සංදර්සනේදි පොරකාස කොළේ හිතට එකගවමද කියලත් දැනගන්ඩ කැමතියි දයා? දහනවය කටුගාල දාලා ගෝඨට තුනෙන් දෙකක බලයක් අරං දීම ඔහෙලගෙ පරම පවිත්තර චේතනාව වගත් බොහොම සුවච කීකරු යටත් වැසියෙක් හැටියට තවදුරටත් බැගෑපත් විලාසෙන් දැනුං දෙන හැටි මේ කං දෙකටම ඇහුණා.

කඩිමුඩියෙ අලූත් දීගෙ කොරගත්තු පලියට දෑවැදි පුරස්නෙනං තාම හරිහමන් විදිහට විසඳිල නැතය කියල නිසි බලදාරි බැසිල් ලොක්කා ඒ අල්ල පනල්ලෙ කියපු කතාවත් මුන්නැහැලගෙ හීන මාළිගාවලට ගහපු මිසයිලයක් වෙන්ඩ බැරි නැහැ ආයිබොවන්ඩ. දයා ගොයිය ඔඵගෙඩියෙන් හිටගෙන නානාප‍්‍රකාර විකාර දොඩවන්නෙ චන්දෙන් බැරි උනොත් ජාතික ලයිස්තුවේ පිහිටෙන්වත් රාජ සබාවට රිංග ගන්ඩය කියලයි පරණ සිරිලංකාකාරයො නං කියන්නෙ. දැන් ඉතිං තමුන්නැහැටයි-මෛත‍්‍රිටයි වගේම සිරිලංකාකාරයන්ටත් ඉතුරුවෙලා තියෙන්නෙ රාජපක්ස වලව්වෙන් ලැබෙන දංකුඩ ටික බුක්ති විඳලා හිටං අගු පිලකට වෙලා බකං නිලාගෙන ඉන්න එක විතරය කියලත් ජීවිත කාලෙ පුරාම පක්සෙට දර-දිය ඇද්ද ඒ අසරණයො කියනවා. එහෙම කතා ඇහෙනකොට අඩන්ඩද-හිනාවෙන්ඩද කියල අපිටත් මොන විදිහකටවත් හිතාගන්ඩ බැහැ දයා.

විශ්වමිත‍්‍ර

Comments are closed.