ජීවන රඟමඬලෙන් සමු ගත් ‘කැට්වේ රැජින’ පියෝනා

උගන්ඩාවේ දකුණු දිගට වන්නට පිහිටි කම්පාලා නුවර ඇති කැට්වේ පෙදෙස මුඩුක්කු වාසීන්ගෙන් පිරුණු අපරාධ බහුල ප්‍රදේශයකි. දුෂ්කර කර්කශ ප්‍රදේශයක් වන මෙහි ජීවත් වන්නවුන් දුප්පත්කමේ ශාපයට ලක්වූවෝ වෙති. එනුවර වයස අවුරුදු දහයකට අඩු දරුවන් පවා මව්වරු වී සිටිති. ඒ දරුවන්ගේ දරුවන්ද දෙමාපියන් බවට පත්වන්නේ එතරම්ම අඩු වයසින්ය. එවැනි පසුබිමක වූ මේ ප්‍රදේශයෙන් බිහිවුන දැරියකි පියොනා. ඇය ලෝකයා හදුනන්නේ අප්‍රිකානු චෙස් රැජින නමිනි. අප්‍රිකානු චෙස් රැජිණියගේ ජීවිත කතාව ඇසුරෙන් ඩිස්නි සමාගම විසින් ූමැැබ දf ණ්එඇ (කැට්වේ රැජින) නමින් චිත්‍රපටයක් නිපදවීය.

එහි පියෝනාගේ චරිතය රඟපෑ කුඩා නිකිටා පර්ල් වලිග්වා පසුගිය සෙනසුරාදා සිය ජීවිතයෙන් සමුගෙන ඇත්තේ මොලයේ ඇතිවූ ගෙඩියක් හේතුවෙන් බවය වෛද්‍යවරු පැවසුවේ. ජීවිතයෙන් සමුගන්නා විට ඇයගේ වයස අවුරුදු 15 කි. 2016 වසරේ දී ඇගේ මොළයේ ගෙඩියක් ඇති බවට වෛද්‍යවරු විසින් හඳුනාගෙන තිබිණි. එහෙත් උගන්ඩාවේ ඊට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් නොමැති හෙයින් ඒ සඳහා ඉන්දියාවට යොමු කර ඇත. එහි දී ප්‍රතිකාර නිවැරදිව සිදු කළ නමුත් තවත් ගෙඩියක් ඇගේ මොළයේ ඇති බව 2017 වසරේ දී සොයා ගන්නා ලදී. වයස අවුරුදු පහළවකදී මේ කුඩා තාරුකාව නිවීගියේ ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදීය.

සංස්කරණය: සිසිර යාපා

Comments are closed.