“ජීවිතේ කියන්නේ හැමදේටම වඩා වටින දෙයක්”- කළු රංජී

රංජිත් දිසා­නා­යක හෙවත් කළු රංජී උපන්නේ 1949 දෙසැ­ම්බර් මස 10 වෙනිදා නුගේ­ගොඩ කන්ද­වත්ත පාරේ පිහිටි නිව­සේ­දී.
නුගේ­ගොඩ වෛසාකා පාසැලෙන් මූලික අධ්‍යා­ප­නය ලබා පසුව තර්ස්ටන් විදු­හ­ල­ටත් ඉන් අන­තු­රුව උසස් පෙළට පන්නි­පි­ටිය ධර්ම­පාල විද්‍යා­ල­ය­ටත් ඇතු­ළත් රංජිත් වෛද්‍ය විද්‍යාව හදා­රන්න බලා­ගෙන විද්‍යා අංශ­යෙන් තමයි උසස් පෙළ හැදෑ­රුව. ඒත් මේ අව­ධි­යේදී තමයි ඔහුගේ ජීවිතේ වෙනස් මඟ­කට යොමු වන්නේ.

රංජිත් ඒ කාලෙ පාසලේ ක්‍රිකට් ගැහුවා. ටීම් එකේ ඕප­නින් බෝලර් වුණේ ඔහුයි. රංජිත් තරමක් දන්නා යහලුවෙක් කියනවා මාව පොලී­සි­යෙන් හොය­නවා හැංගෙන්න තැනක් කියන්න කියලා. එයාව හංගන්න තවත් යාලුවෙක්ගෙ ගෙදරකට යන ගමන් මේ සමාජයේ ගැටලු මිනිස්සුන්ගෙ ජීවි­ත, දුප්පත් කම ගැන ලොකු පාඩමක් කියල දෙනව. ඒ කතාව හිතට තදින්ම ගන්න රංජි ක්‍රිකට්, සම්පූ­ර්ණ­යෙන්ම අත් හැරලා ජනතා විමුක්ති පෙරමුණේ දේශ­පා­ල­න­යට යොමු වෙනවා.

රංජිත්ට අදටත් ඒ අතීතය මතක්කරන්න හරි සුන්දර මත­ක­යක් තිබෙ­නවා. 1971 මාර්තු මස රෝහණ විජේවීර අම්පාරේදී අත්අඩංගුවට ගත් අතර, පසුව යාපනය බන්ධනාගාරයට මාරු කර යවනවා. යාපනේ හිර කර සිටි විජේ­වී­රව බේර­ගන්න කොළ­ඹින් යන බස් එක සංවි­ධා­නය කිරීම පැවැ­රුණේ රංජිත් ට. ඒත් එදාම රෑ පොලී­සි­යට මොන­රා­ග­ලදී ‍ ආයුධ සමඟ වාහ­න­යක් අසු­වුණා.
ඔහු කියන පරිදි ජීවි­තය උඩු යටි­කුරු කළේ හිරේදි . “71 කැරැ­ල්ලෙදි හිරේට නියම වුණේ සමාජ යුක්තිය සඳහා සටන් කරපු තරුණ බුද්ධි­ම­තුන්. මේ අතර සිටි පාලිත ශ්‍යාම්දාස් කියන ගුරු­ව­ර­ය ජීවි­තයේ ඇත්ත කතාව තේරුම් කළා. ඔහු හිරෙන් නිද­හස් වෙලා කැකි­රාවෙ ඉංග්‍රීසි ඉගැ­න්නුවා. ලෝකෙ තිබෙන වටි­නාම පොත් මම කියෙව්වේ හිර­ගෙ­දර දී කියලයි රංජිත් කියන්නේ රංජිත්ගේ වචන වලින් කියනවා නම් “සමා­ජය ගැන විනි­විද දැක්කේ එතැ­නදී. අපි හිරේ දි රෑට එකතු වෙලා පොත් කිය­ව­නවා. තෝල්ස්තෝ­යිගේ රීස­රෙ­ක්ෂන් කියලා පොතක් කියෙව්ව. ඒ පොත සමා­ජය විනි­විද දකින කැඩ­ප­තක් වගේ. ඒ පොත කියෙ­ව්වම වෙනින් පොත් කිය­වන්න ඕනද කියලා හිතෙ­නවා.” 71 අර­ග­ලය සාර්ථක නොවෙන්න විශාල හේතු තිබුණා.

පසුගිය දවසක මාධ්‍යවේදියෙක් කළු රංජී ගෙන් මෙහෙම ප්‍රශ්නයක්, රටේ නම ගිය වෛද්‍ය­ව­ර­යෙක් හෝ ක්‍රිකට් ක්‍රීඩ­ක­යෙක් වෙන්න තිබෙන අව­ස්ථාව ඔබට මගහැරී ගිය එක දුකක් නැද්ද කියාල. ඒකට රංජිත් දුන්න පිළිතුර වුනේ.
“මට මොහො­ත­ක­ට­වත් ඒ ගැන දුකක් නැහැ. ඒ වගේම ඒ ගැන මට කිසි­වක් හිතෙ­න්නෙත් නැහැ. ඒකට හේතුව එහෙම නොවුන එකේ වටි­නා­කම ඊට වඩා වැඩියි. ජීවිතේ කියන්නේ ඊට වඩා වටින දෙයක්.”

කළු රංජිගේ අවු­රුදු 70වක ජීවන චාරි­කාව තුළ වසර 52ක්ම මිනි­සුන් වෙනු­වෙන් අදටත් පිහිට වෙන මිනිහෙක්. ඊයේ(22) හවස
නුගේගොඩ විජේරාම හන්දියේ සන්නස්ගල ගේ රෝයල් ත්‍රැප්‍රොබේන් එකේ තිබුන මේ අපුරු මිනිහා ගැන කතා බහක්. කළු රංජි දන්නා කියන වගේම ඔහු ගැන අහලවත් නැති තරුණ පිරිසකුත් ඒ අතර හිටිය. කොහොමත් දෙතුන් සීයක් විතර හිටිය. කළු රංජි කැමතිම සිංදුවක් අහලා, ඔහු එක්ක ලස්සන සැන්දෑවක් ගතකරන්න ලැබුන.

මේ වැඩේ සංවිධානය වුනේ උපුල් ශාන්ත සන්නස්ගල, අජන්ත අලහකෝන්, ප්‍රියන්ත කොඩිප්පිලි, මො.ල.සෙනවිරත්න, සිසිර යාපා, වගේ කිහිප දෙනෙක් ගේ අදහසකින් ඒකට ‘අහස’ පොත් චරිත දිසානායක තවත් විදිහකට උදව් කරනවා.

ඡායාරුප – රවීන්ද්‍ර පුෂ්පකුමාර

Comments are closed.