සිංගර් වෙතින් සුළු පරිමාණ කර්මාන්ත සඳහා මහන මැෂින් මාදිලි ගණනාවක්

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ ද පුරෝගාමියා වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් යුතුව, නවතම මහන මැෂින් මාදිලි ගණනාවක් පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කර තිබේ. මහන මැෂින් සම්බන්ධ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විශ්වාසවන්ත නාමය ලෙසින්, ලොක්ස්ටිච් මැෂිමේ සිට ඕවර්ලොක් මැෂිම දක්වාම ආයතනික හා ගෘහස්ත, මැහුම් කර්මාන්තයට අදාළ සෑම මාදිලියකම මැෂින් වෙළෙඳපොළට නිකුත් කර ඇත. සිංගර්, මැහුම් කර්මාන්තය දිරිමත් කිරීම මෙන්ම එහි දියුණුවට අතහිත දීම වෙනුවෙන් දීර්ඝ කාලීනව කටයුතු කරයි.   

1877 වසරේදී මුල් වරට, ශ්‍රී ලංකාවේ සිංගර් මහන මැෂින් අලෙවිය ඇරඹූ දින සිට මේ දක්වාම වසරින් වසර සාර්ථක ප්‍රගතියක් අත්පත් කර ගනිමින් රටපුරා ප්‍රදර්ශනාගාරවල එකසේ සිංගර් මැෂින් අලෙවි කෙරෙයි. මේ වන විට ලොව පුරා ඉහළ අලෙවියක් ඇති ZOJE, ආයතනික මැහුම් කර්මාන්තය ඉලක්ක කර ගනිමින්ම, චීනයේ නිමවන ලද අධිවේගී මහන මැෂින් වර්ගයක් වන අතර, සිංගර් එම මැෂින් 2007 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්ත ඉලක්ක කර ගනිමින් හඳුන්වා දී ඇත්තේ, අධිවේගී මහන මැෂින් භාවිතයෙන් මැහුම් කර්මාන්තයට ඉතා විශාල වාසි අත්පත් කරගත හැකි වන බැවිනි. මේ වන විට රට පුරා සියලු ප්‍රදර්ශනාගාර මගින් විවිධ සන්නාමවලින්, විවිධ මාදිලියේ මැෂින් 400,000 කට වඩා අලෙවි කර තිබෙන සිංගර් ශ්‍රී ලංකා සමාගම, මැහුම් කර්මාන්තය ඉලක්ක කරමින් අලෙවි කළ මැෂින් අතරින් විශාල ප්‍රමාණයක් ZOJE සතු වන අතර,  එහි පුරෝගාමී හවුල්කරුවකු ලෙස MEGASEW කටයුතු කරයි. මහන මැෂින් මාදිලි ගණනාවකින් සංයුක්ත මෙය, ඇඟලුම් කර්මාන්තය ඉලක්ක කර ගනිමින්ම තායිවානයේ නිෂ්පාදනය කරන ලද්දකි. එමෙන්ම දැනට සිංගර් ප්‍රදර්ශනාගාරවල ‘සිංගල් හෙඞ්’ හා ‘මල්ටි හෙඞ්’ යනුවෙන්, විශේෂිත එම්බ්‍රොයිඩර් තාක්ෂණයෙන් යුත් මැෂින් මාදිලි ගණනාවක්ද වේ. සිංගර් නිෂ්පාදනයක් වන SDY එම්බ්‍රොයිඩර් මැෂින්ද, ගෘහස්ත මැහුම් කර්මාන්තයට සේම, සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තයන්ටද යොදා ගැනීමෙන් සුවිශාල ආයෝජනයකට උරුමකම් කිව හැකි වේ. පෙර සඳහන් පරිදි එමගින් සිකුවින්ස්, කෝඩින්ග් ආදී එම්බ්‍රොයිඩර් ක්ෂේත්‍රයට අදාළ කාර්යයන් ගණනාවක් පහසුවෙන් ඉටුකර ගත හැකි වේ.

ජීන්ස් හා කමිස මැසීම සඳහාම නිපදවන ලද IMB, ප්‍රචලිත චීන සන්නාමිත නිෂ්පාදනයක් වන අතර, එය ජීන්ස් හා කමිස මැසීම සම්බන්ධ වෙන් වෙන් වශයෙන් සෑම කාර්යයක් සඳහාම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර කාර්යයන් ගණනාවක් එකවර සිදුකර ගැනීමේ හැකියාව පවතී.

සිංගර් ප්‍රදර්ශනාගාරවල අලෙවියට තබා ඇති තවත් සුවිශේෂී මැෂින් වර්ග දෙකක් ලෙසින්, SANSEIKO වර්ගයේ ලේසර් මැෂින් හා ස්ප්‍රෙඩින්ග් යන කාර්යය උපරිම ආකාරයෙන් ඉෂ්ට කර ගත හැකි bullmer මැෂින් වර්ගයද හඳුන්වා දිය හැකිය. තායිවාන නිෂ්පාදනයක් වන SiRUBAද, ඇඟලුම් කර්මාන්තය අරමුණු කර ගනිමින්ම, නිපදවන ලද්දක් වන අතර, සිංගර් එම සන්නාමයේ ස්වයංක්‍රීය මැෂින් පමණක් සිය ප්‍රදර්ශනාගාරයන්හි අලෙවි කරනු ලබයි. ඇඟලුම් කර්මාන්තයේ එක් සුවිශේෂි ක්ෂේත්‍රයක් වන ටී-ෂර්ට් knit රෙදිපිළි ආශ්‍රිත කාර්යයන් සඳහා එම මැෂින් යොදා ගැනේ. ප්‍රකට සන්නාමයක් වන KuikE සමගින් සිංගර් ගෙන එන්නේද, එම knit කර්මාන්තය සඳහා යොදා ගන්නා ස්වයංක්‍රීය මැෂින්ය.

මෙම සෑම මාදිලියකම මැෂින් සිංගර් ප්‍රදර්ශනාගාරවලින්ද, ප්‍රධාන ශාඛාවන්ගෙන්ද පාරිභෝගිකයන් හට මිලදී ගත හැකි වන අතර, මැහුම් කර්මාන්තයට අදාළ ඉඳිකටු, ෂට්ල්, කතුරු, ටි්‍රමර්, බොබින් ආදී සෑම උපාංගයක්ම, සිංගර් ප්‍රදර්ශනාගාරවලින් මිලදී ගත හැකි අතර, www.singer.lk වෙබ් අඩවිය මගින්ද භාණ්ඩ ඇණවුම් කළ හැකි වේ. ඇණවුම් කරනා සෑම භාණ්ඩයක්ම, උපරිම දින 3-4 ක් ඇතුළත එම ප්‍රදර්ශනාගාර වෙත බෙදාහැරේ.

ස්වකීය අවශ්‍යතාවය පරිදි අඩු ආදායම් ලබන පවුල් සඳහාද, පහසු ගෙවීමේ ක්‍රම මගින් මැෂින් මිලදී ගැනීමට සිංගර් වෙතින් පාරිභෝගික ඔබට පහසුකම් සලසා තිබේ. කොළඹ සිංගර් ප්‍රධාන මධ්‍යස්ථානය මගින් මෙන්ම, රටපුරා සිංගර් ප්‍රදර්ශනාගාර මගින්ද අලෙවි කෙරෙන මැෂින් ඇතුළු සෑම භාණ්ඩයක් සඳහාම අලෙවියෙන් පසු සේවාවන්ද ක්‍රියාත්මක කිරීම සඳහා අධි තාක්ෂණික පුහුණුව ලද කාර්මික ක්ෂේත්‍රයේ පිරිසක්ද සිංගර් සතු වෙයි. 011-5400 400 සිංගර් ක්ෂණික ඇමතුම් සේවාව ඇමතීමෙන් මිලදී ගන්නා භාණ්ඩයන්ට අදාළ සියලු පැමිණිලි හා විමිසීම් සඳහා සිංගර් ක්ෂණික ප්‍රතිචාර දක්වයි.

සුධීර ඉද්දමල්ගොඩ

Comments are closed.