හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් අභියාචනාධිකරණය අද (20)නියෝගයක් නිකුත් කරයි.
ගිහාන් පිලපිටිය ගොණු කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් පසු අභියාචානාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. තමන් අත්අඩංගුවට ගැනිමට නීතිපතිවරයා පොලිසියට ලබා දි ඇති උපදෙස් අභියෝගයට ලක්කරමින් එම රිට් පෙත්සම ගොනුකර තිබිණි.
නිසි ක්රමවේදයකට අනුකූලව මහේස්ත්රාත්වරයෙකු විසින් සිදු කරනු ලබන නියෝගයකට පරිබාහිරව පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැති බව අභියාචනාධිකරණය මෙහි දී පැවසීය. ඒ අනුව පෙත්සම යළි සලකා බැලීම මාර්තු 12 වනදාට කල් තැබුණි.