සයින්දමර්දු තීරණය තාවකාලිකව හකුලා ගනියි

12


සයින්දමරුදු ප්‍රදේශය වෙනමම පළාත් පාලන කලාපයක් ලෙස නම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්හිද ඒ ආකාරයෙන් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සළකා බලා සමස්ත ශ්‍රී ලංකාවේම එක් අවස්ථාවක වෙනස්කම් කිරිමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්ව තිබෙන බව රජයේ පාර්ශවය පවසයි.

මේ පිළිබඳ පසුගිය දින කිහිපයේ රජයට හිතවාදී පිරිස් දැක්වූ අදහස් විවිධ අදහස්

වියත්මගේ වසන්ත බණ්ඩාර-(2020-02-18)
‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් දීම මුස්ලීම් අන්තවාදය පෝෂණය කිරීමක්, මුස්ලීම් බෙදුම්වාදී ව්‍යාපාරය ශක්තිමත් කිරිමක්. ‘

‘හිස්බුල්ලාට චෝදනා එල්ල වෙලා තියෙනවා මහින්ද රාජපක්ෂගේ සෙවණේ ඉදගෙන මුස්ලීම් අන්තවාදය පෝෂණය කරනවා කියලා.’

මහින්ද පතිරණ (2020-02-15)
සයින්දමරුදු වෙනම රාජ්‍යක් නොවේ

සයින්දමරුදු නගර සභාවක් බවට පත් කිරීම ගැන ජවිපය වැනි අන්තවාදි කොටස් විරුද්ධ බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ. සයින්දමරුදු යනු තාමත් කල්මුණේ මහනගර සභාව යටතේ පාලනය වන ප්‍රදේශයකි. කෙසේ වෙතත්, භූගෝලීය ව කල්මුණේ හා සයින්දමරුදු ඉතා දුරස්ව පිහිටීම මත හා සයින්දමරුදුහි ජනගහනය සැලකිල්ලට ගෙන පරිපාලන පහසුව තකා 2022 වසරේ ක්‍රියාත්මක වන පරිදි නව නගර සභාවක් හඳුන්වා දී ඇත. ජන ඝනත්වය හා පිහිටීම අනුව, ඕනෑම ප්‍රදේශයකට නව පරිපාලන ඒකකයක් හඳුන්වා දීම කිසිදු ගැටළුවක් නොවේ. විවිධ ප්‍රදේශවල මෙවැනි නව ඒකක මීට කලින් ද හඳුන්වා දී ඇත. අවශ්‍ය වන්නේ ජනතාවට පහසු පරිපාලනයක් පවත්වාගෙන යාමයි.

නගරසභාවක් යනු වෙනම රාජ්‍යයක් නොවන බවත්, එය ලංකාවේ ව්‍යවස්ථාව මත පදනම් වූ පරිපාලන ඒකකයක් බවත් වාර්ගික ඇසින් මෙවැනි දේ විවේචනය කරන ජවිපය වැනි අන්තවාදීන්ට සිහිපත් කළ යුතුය.

මහින්ද පතිරණ (2020-02-20)
සයින්දමරුදු නගර සභාව අහෝසි කිරීමේ දී 15 දෙනාගේ කැබිනට් මණ්ඩලය මීට වඩා බෙහෙවින් පරිණත විය යුතුව තිබුණා. යම් තීරණයක් ගැනීමට පෙර කොතරම් තර්ක විතර්ක කළත්, තීරණය ගත් පසු ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ඇතැම් ළදරුවිය සංවර්ධනය ඇවැසි ඇමතිවරුන් තම මිම්මට ගෝඨා හා ආණ්ඩුව කපා එය විහිළුවට ලක් කිරීමට දරන තැත හඳුනාගෙන එය පරාජය කළ යුතුයි.

Previous articleනාට්‍ය විනිශ්චය කරුවන් පිළිබඳ විවාදය මෙතරම් ව්‍යාකූල ඇයි?
Next article‘මෛත්‍රීපාල සිරිසේන ශත පහකටවත් විශ්වාස නෑ’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here