PickMe සමාගමේ තරිඳු කුමාරගේට Arizona State Universityයෙන් ශිෂ්‍යත්වයක්

PickMe සමාගමේ උපදේශක පර්යේෂණ ඉංජිනේරු තරිඳු කුමාරගේ පසුගිය දා ඇමෙරිකාවේ Arizona State Universityහි දී සිය ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් හිමිකර ගැනීමට සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන පීඨයට ඇතුළත් වී 2017 වසරේදී ප්‍රථම පන්තියේ උපාධියක් හිමි කරගත් තරිඳු කුමාරගේ 2018 වසරේදී PickMe සමාගමට එක් විය‘Mobility-on-demand’’ පද්ධතිවලික්‍දකක් ‘Collaborative Filtering’ සඳහා දායකවූ PickMe සමාගමේ සේවාවන්හි දී පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් ලබාදීම සඳහා විවිධ වැඩිදියුණු කිරීම් සිදු කිරීමට දායකත්වය දැක්වී ය.

“ශ්‍රී ලංකාවේ කුසලතා සපිරි තරුණ තරුණියන් හඳුනාගෙන, ඔවුන්ට නිසි පළපුරුද්දක් ලබාදීම සඳහා අප නිරතුරුව උත්සාහ කරනවා. තරිඳු කුමාරගේ යනු පර්යේෂණ සම්බන්ධයෙන් සුවිශේෂී හැකියාවක් ඇති කෙනෙක්. ඒ වගේම අධ්‍යාපනය අතිනුත්, වෘත්තිය අතිනුත් ඉදිරියට යාමට ඔහු තුළ දැඩි උනන්දුවක් තිබෙනවා. තරුණ පරපුරට තම පෞද්ගලික සහ වෘත්තීය අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම PickMe සමාගමේ එක් ප්‍රධාන ඉලක්කයක්” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ඡසජනඵැ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පැවසීය.

PickMe සමාගමේ සේවාවන් අන්තර්ජාලය සහ ජංගම දුරකථන යෙදුම් ඔස්සේ ලබාගත හැකි වේ. කුඩා පරිමාණයෙන් ආරම්භ වී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කළ PickMe සමාගම මෙරට වඩාත්ම නිර්මාණශීලී සමාගමක්

ලෙස හැඳින්විය හැකිය. දේශීය වශයෙන් සපයා ගත් දත්ත සහ තොරතුරු සමඟ දත්ත විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කරන එම සමාගම සිය ගනුදෙනුකරුවන්ට සහ රියැදුරු හවුල්කරුවන්ට අතිශයින් වැදගත් වන සේවාවන් හඳුන්වා දෙමින් සිටී.

Leave A Reply

Your email address will not be published.

17 − thirteen =