‘උදයංග වීරතුංගට ඇත්තේ පැමිණිල්ලක් විතරයි’

මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බන්ධ නඩුවවේ විමර්ශන නිලධාරීන් මාරුකිරීම පිළිබඳව නොයෙක් වාද විවාද පවතින අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ඊයේ පැවසුවේ උදයංග වීරතුංගට ඇත්තේ පැමිණිල්ලක් පමණක් බවත් ඔය කියන නිලධාරීන්ට එරෙහිව පැමිණිලි ඇති බවයි.

“මිග් යානා ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 7ක් වංචා කළ බවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණු පමණින් ඔහු වැරදිකරුවකු ලෙස සලකා දෝෂාරෝපණය කළ නොහැකි” බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

උදයංග වීරතුංග සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිව ද පැමිණිලි ලැබී ඇති නිසා ඒවා පිළිබඳවත් විමර්ශන සිදු කරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

“මේ හැම එක්කෙනාම පැමිණිලි ගොතන හැටිත් ලියන හැටිත් ගැන මටත් පොඩ්ඩක් දැනුමකුත් තියෙනවා, හොඳ අත්දැකීමකුත් තියෙනවා. ඒනිසා මං මේ පිළිබඳව කෙනෙකුට චෝදනා කරන්න බෑ පැමිණිල්ලක් දාපු පළියට. මේවට පරීක්ෂණ පවත්වන්න ඕනෙ. ඒ පරීක්ෂණ සාධාරණයව කෙරෙන්න ඕනෙ. ඉන් පසුව තමයි ඉතුරු කටයුතු කරන්න අවශ්‍ය වෙන්නෙ.” යනුවෙන් ආරක්‍ෂක රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.

fourteen + sixteen =