මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බන්ධ නඩුවවේ විමර්ශන නිලධාරීන් මාරු කර ඇත්තේ හෙළිවී ඇති කරුණු යටපත් කිරීමටදැයි සැක බව ජේ.සී අලවතුවල මන්ත්‍රී වරයා පවසන අතර චමල් රාජපක්ෂ ඇමතිවරයා පවසන්නේ උදයංග වීරතුංග ගැන පරීක්ෂණ පැවැත්වූ සී අයි ඩී නිලධාරීන්ට එරෙහිව ද පැමිණිලි ඇති බවයි.
මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බන්ධ නඩුවට විමර්ශන කටයුතු කළ නිලධාරීන් මාරු කර ඇත්තේ දැනට හෙළිවී ඇති කරුණු යටපත් කිරීමට ද යන සැකය මතුවන බව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල පැවසීය.
වසර හතර හමාරක් තිස්සේ එම සිද්ධියට පරීක්ෂණ කළ නිලධාරීන් ඉවත් කිරීම ගැටලූවක් බව කී මන්ත්‍රීවරයා ඔවුන්ගේ සහය යළිත් ලබාගනිමින් වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති පරිදි නීතිය සැමට සමාන නම් එය ක්‍රියාවෙන් ද පෙන්විය යුතු බවද කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ දී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි අලවතුවල මන්ත්‍රීවරයා පැවසීය.