පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් “මගේ ළඟ නාමල් රාජපක්ෂගේ හඩපටයකුත් තියනවා විනාඩි දහ අටක” හඬපටයක් ඇති බවත් එය ද සභාගත කරන බවද පැවසීය. මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,
“මම ගාව තියන හඬපට වලින් කොටසක් මම සභාගත කළා. ඒ අතර ආණ්ඩුව අබියෝග කල හිටපු ජනාධිපතිවරු, දැන් ඉන්න අගමැතිවරු , කැබිනට් ඇමතිවරු , කැබිනට් ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන් ගේ හඬපටි තියනව
මම හොරෙක්වත් වංචා කාරයෙක්වත් නෙමෙයි. මම කිව්වේ හොරු අත්අඩංගුවට ගන්න කියල. මම අද ඉන්නේ උදයංග වීරතුංග සහ කපිල චන්ද්‍රසේන ඉන්න මැදිරි දෙක අතර.”
“මගේ ළඟ තියනවා නාමල් රාජපක්ෂගේ හඩපටයකුත් තියනවා විනාඩි දහ අටක. මම ඉරාජ්ට කෝල් කලහම ෆෝන් එක ගත්තේ නාමල් රාජපක්ෂ. මම ඒකත් සභාගත කරන්නම්. නාමල් හිරේ හිටියේ එයා හිරේ ගියේ ක්‍රිෂ් එකෙන් සල්ලි හොරකම් කරල. මම හිරේ ගිහින් ඉන්නේ හොරු අල්ලන්න ගිහින්.”