ඉංජිනේරු සංස්ථාව ජනපති නියෝග නොසලකය

13

ආණ්ඩුවේ මහින්ද පාර්ශ්වය නියෝජනය කරනු ලබන අමරපාල ගමගේ ජනාධිපති ලේකම් කාර්යාල නියෝග නොතකා හරිමින්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ ධුරයේ තව දුරටත් රැඳී සිටින බව වාර්තා වේ.

ඔහු තව දුරටත් එම ධුරයට අදාළ වරප‍්‍රසාද භුක්ති විඳිමින් සිටින බව සංස්ථා සේවකයෝ පවසති. ඒ වෙනුවෙන් මසකට ලක්ෂ දෙකහමාරකට වැඩි මුදලක් ඉංජිනේරු සංස්ථාවට දැරීමට සිදුව ඇත.

මේ වන විට ඔහු විසින් සංස්ථාවට අයත් කේ. ඩබ්ලිව් 1382 දරන ටොයොටා වර්ගයේ ජීප් රථය භාවිත කරමින්, සංස්ථාවේ මුදලින් එම රථය සඳහා ඉන්ධන ලබා ගනිමින් සිටී. රාජ්‍ය ආයතන තුළ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ ධුර අවලංගු කරමින්, ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ 2020 ජනවාරි මස 13 වැනි දින අංක පී.එස්./එස්.පී./2020 දරන චක‍්‍රලේඛය අමරපාල ගමගේ උල්ලංඝනය කරමින් සිටී.

එමෙන් ම නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2020 ජනවාරි මස 30 වැනි දින නිකුත් කරන ලද අංක 2/2/21 දරන ලිපිය මඟින් ද ඉහත චක‍්‍රලේඛය සිහිගන්වමින්, ඊට අනුව කටයුතු කරන ලෙස අමරපාල ගමගේට දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් 2020 පෙබරවාරි 07 වැනි දින ඉංජිනේරු සංස්ථා වැඩ බලන සභාපති, පී. අමරසූරිය විසින් අමරපාල ගමගේට ඉහත චක‍්‍රලේඛය හා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපිය සිහිගන්වමින් දක්වනු ලැබ ඇත්තේ, කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ ධුරයට අදාළ සම්පත් හා දේපළ තව දුරටත් භාවිතයට නොගන්නා ලෙසයි. මීට පෙර බත්තරමුල්ල, නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාලයේ දේශපාලන කි‍්‍රයාකාරිකයකු වූ අමරපාල ගමගේ ජනාධිපතිවරණයෙන් පසු ජනවාරි මාසයේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ආගමික වතාවත් මැද මෙම කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ ධුරය භාර ගනු ලැබී ය.

ධනුෂ්කලිහිණියාගම

Previous articleරුපියල් දාහේ පුරසාරම් – ඇවිත් බලන්න මේ පාරෙන්
Next articleටෝකියෝ මැරතන් අවලංගු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here