උතුරු හා දකුණු ඉන්දියානු රස සමඟින් ‘ද්වාරකා’ ගල්කිස්‍සේ දී විවෘත වේ

37

උතුරු සහ දකුණු ඉන්දියානු රස සපිරි ‘ද්වාරකා’ අවන් හල් ජාලයේ දෙවැනි ශාඛාව පසුගියදා අංක 10, ඕල්ඞ් ක්වොරි රෝඞ්, ගල්කිස්ස ලිපිනයේ දී උත්සවාකාරයෙන් විවෘත විය. අමුත්තන් 100කට එකවර ආහාර ගත හැකි වන පරිදි වායුසමනය කර සියලු පහසුකම්වලින් පරිපූර්ණව ඉදි කර ඇති ගල්කිස්ස ද්වාරකා අවන් හලේ දකුණු ඉන්දියානු සහ උතුරු ඉන්දියානු ආහාර පිසීම සඳහා දකුණු ඉන්දියාවෙන් සහ උතුරු ඉන්දියාවෙන් පැමිණි සුවිශේෂ දක්ෂතාවලින් සපිරි කෝකිවරු රැසක් සිටිති. උතුරු හා දකුණු ඉන්දියානු රස එලෙසම පාරිභෝගිකයන්ට තිළිණ කිරීමේ අරමුණෙන් මෙලෙස ඉන්දියානු කෝකිවරුන් සේවයේ යොදවා සිටින අතර උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා අවන්හල විවෘතව පවතී.

පෞද්ගලිකව කණ්ඩායමක් ලෙස ආහාර රසවිඳිය හැකි පරිදි එකක අමුත්තන් 25කට ඉඩ පහසුකම් සහිත විශේෂ කාමර දෙකකින් ද සමන්විත ද්වාරකා අවන් හලෙන් ඔබට විවිධ රසවලින් යුත් නාන්, කුච්ලා, පරාටා, රොටී, මසාලා, චෙට්ටින, පනීර්, දෝස, ඉඳිආප්ප, බත්, නූඞ්ල්ස්, ෆ්‍රයිඞ් රයිස්, කොත්තු, වඬේ, සුප්, බිරියානි, ෂෝට් ඊට්ස්, ස්ටාටර්ස්, සැලඞ්, රයිටා, පලතුරු යුෂ, ලැසී, සිසිල් බීම, කිරි, තේ, කෝපි ආදී මෙකී නොකී රසවත් ආහාර පාන වර්ග රැසක් සාධාරණ මිලකට ලබා ගත හැකිය. ඹඉැර හා ඡසජන ඵැ හරහා ද මේ කෑම බීම වර්ග නිවසටම ගෙන්වා ගත හැකි අතර ද්වාරකා අවන් හල්වලට ම අයිති බෙදාහැරීමේ ජාලයක් ද ක්‍රියාත්මක වේ. ගල්කිස්ස ද්වාරකා අවන් හල සතුව වාහන විශාල ප්‍රමාණයක් නවතා තැබිය හැකි රථ ගාලක් ද ඇත. ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ උත්සව අවස්ථා සඳහා ද ද්වාරකා අවන් හලෙන් ආහාර ඇණවුම් (Outdoor Catering) කළ හැකිය. ගල්කිස්ස ද්වාරකා අවන්හල (011 2721449/ 077 1160499) වෙත පැමිණෙන ඔබට මේ දිනවල සුවිශේෂ වට්ටම් හිමි කර ගත හැකිය.●

සුධීරඉද්දමල්ගොඩ

Previous articleසෝමාලියාව: හදිසි තත්ත්වයක්
Next articleඅභියාචනාධිකරණ සභාපති චූදිතයෙක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here