බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවක් පුරා විහිදී පැතිරී ඇති ‘නේත්‍රා’ ක්‍රීඩා සමිති ජාලයහි සාමාජික සංඛ්‍යාව 2800 ඉක්මවයි. සාමාජිකයන් අතර දිස්ත්‍රික්කයේ නගර 8ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කළ ක්‍රීඩා තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 8 වන දින මහියංගන ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. සැහැල්ලු පන්දු සීමිත පන්දු ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් හතරක් තරග වැදුණි.
මෙම තරගයෙන් රිදීමාලියද්ද නේත්‍රා ක්‍රීඩා සමිතිය ශූරතාවය දිනාගත් අතර අනු ශුරතාවය ගල්ගේලන්ද නේත්‍රා ක්‍රීඩා සමිතිය දිනාගනු ලැබීය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් බලගල්ල සහභාගී වූ අතර නේත්‍රා ක්‍රීඩා සමිති ජාලයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක අනිල් මංජුල ඇතුළු ප්‍රදේශයේ විදුහල්පතිවරුන් ගුරුවරුන් පිරිසක් ද ත්‍යාග ප්රදානය සඳහා සහභාගී වූහ●