මාරක කතා චක්‍රවර්තී ඩීමන් ආනන්දයන් අප අතරින් සමුගෙන ඊයේට (15) වසර දහතුනක් ගතවේ. පොත් දහසකට ආසන්න ප්‍රමාණයක් ලියා ආසියාවේ නොව ලෝකයේ ද වාර්තාවකට හිමිකම් කියන එතුමා සමරා කිසිදු පුවත්පතක ලිපියක් පල වෙනු මා නොදුටුවෙමි. නවසිය තිහේ දශකයේ පියදාස සිරිසේනයන්ගෙන් ඇරඹි රහස්පරීක්ශක කතා කලාව හැටේ දශකයේ රැල්ලක් ලෙස ඉදිරියට ගෙන ගියේ එතුමාය. හින්දි චිත්‍රපට කතාවක අනුසාරයෙන් මුලින්ම එතුමා නිර්මාණය කල කතාව වූයේ “ගන්තෙර හොල්මන” ය.එතැනින් ඇරඹි ඔහුගේ විස්මය ජනක පෑන එක දිගටම මෙහෙය වන්නට වූයේ අනගි පොත් දහසකට ආසන්න ප්‍රමාණයක් සින්හල සාහිත්‍යය ට දායාද කරමිනි.බොහෝ දෙනෙක් නොදන්නවා වූවද ලංකාවේ පලවූ ප්‍රථම සිනමා පුවත්පත ” රිදී තිරය” ඔහුගේ සංස්කරණයකි. ඔහුගේ පෑන් තුඩින් නිර්මාණය වූ ” ඩිකී වීරකෝන්, ජේම්ස් බණ්ඩා” වැනි චරිත බටහිර ” ශර්ලොක් හෝම්ස්, ජේම්ස් බොන්ඩ් තරමටම සජීවී චරිත වේ. ඩීමන් ගේ සාහිත්‍යය භාවිතාව පිලිබඳ අධ්‍යනය කරන කල ඔහුගේ මෙම වික්‍රමාන්විත පෑන හැසිරවීම සිදුවී ඇත්තේ දශකයක් බදු කාලසීමාවකදීය.හැත්තෑව දශකයේ මුද්‍රණ අමුද්‍රව්‍ය වල මිල ඉහල යාම හේතුවෙන් ඔහු සුජිකලා ව්‍යාපාරයට යොමු විය. ඩීමන් යනු හින්දි චිත්‍රපට පිස්සෙකි. වරක් ඔහු කීර්තිමත් සන්ගීතවේදී නවුශාඩ් මුණගැසීමට ඉන්දියාවට ගියේය. නමටම ගැලපෙන පරිදි යකාගේ වැඩ කල ඩීමන් ආනන්ද මහතා ඔහුගේ විස්මයජනක පෑනට 2007-02-15 දින සදහටම සමුදුන්නේය.
ප්‍රාමාණික විද්වතුන් ඔබට කුමන අන්දමේ විවේචන එල්ල කලද ඔබ මගේ ලෝකයේ සදාතනික වීරයාය.
-ජයශංඛ කරුණාරත්න (fb)