2009 වසරේ ජනවාරි 08 මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීම පිළිබඳ චෝදනා ලැබ සිටින එවකට කොළඹ දකුණ කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14)නියම කළේය.
ඒ, ලසන්ත ඝාතන නඩුව ඊයේ (14) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියදුරු පැහැරගෙන යාම සම්බන්ධ විමර්ශන අවසන් කර, නීතිපති දෙපාර්තමේන්තුව වෙත උධෘත ලිපිගොනු යොමු කර ඇති බවයි.
මේ අතර නඩුව ලබන ජුනි මස 19 වනදා දක්වා කල් තබන ලදී.