ශවේන්ද්‍ර සිල්වාට සහ පවුලට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් !

48

ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ
ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ නියම කර ඇති පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

“2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදුකරන ලදැයි කියන මානව හිමිකම් උල්ලංගනය කිරීම්, නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් අණ දීමේ වගකීම තුළින් ඔහු සම්බන්ධ බවට විශ්වාසදායක තොරතුරු පවතී”

“7031 (ඇ) වගන්තිය මගින් විදේශ නිලධාරීන් මානව හිමිකම් උල්ලංගනය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු බවට නියම කළ හැකිය”

“එවැනි නිලධාරීන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව නම් කිරීම රාජ්‍ය ලේකම්වරයාට නීතියෙන් නියම කෙරේ. ශවේන්ද්‍ර සිල්වාට අමතරව ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද මෙලෙස එම දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබේ.”

Previous articleශ්‍රීලංකන් දින ඉල්ලයි කෝප් කමිටුව බෑ කියයි
Next articleගෝඨාගේ මෙහෙයුමෙන් ගැටුම ඇවිළෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here