ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් විසින් කෝප් කමිටුව හමුවට කැඳවීම පසුවට කල් දමන්නැයි කළ ඉල්ලීමක් එම කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.
පසුගියදා කතාබහට ලක් වූ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටුව හමුවේ ලබන 19 වැනිදා බදාදා පෙනී සිටින්නැයි ශ්‍රීලංකන් සමාගමේ ප්‍රධානීන්ට පසුගියදා දැනුම් දුන්නේය.
පසුව ශ්‍රීලංකන් සමාගමේ ප්‍රධානීන් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අමතා සිද්ධිය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු නිසා කමිටුව හමුවට ඒමට ඉදිරියේ දී දිනයක් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර ඇතිකෝප් කමිටු සභාපතිවරයා 19 වැනිදා හැර වෙනත් දිනයක් ලබාදීමට හැකියාවක් නැතැයි ශ්‍රීලංකන් සමාගමේ ප්‍රධානීන්ට දන්වා තිබේ.
එසේම කෝප් සභාපතිවරයා ගුවන් සමාගම් ප්‍රධානීන්ට මෙහිදී දැනුම් දී ඇත්තේ, ශ්‍රීලංකන් සමාගමේ වත්මන් පාලකයන් සමාගම බාරගැනීමට පෙර සිදු වූ සිද්ධියක් විගණන වාර්තා පදනම් කරගෙන සාකච්ඡා කිරීමට අමතර කාලයක් ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ද පැමිණීමට නොහැකි නම් ඇත්ත හේතුව කියන්න යනුවෙනි.
මේ සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් ඊයෙ කළ විමසුමකදී ඔහු පැවැසුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවන දිනය කිසිවිටෙකත් වෙනස් නොකරන බවය.
මේ අතර ගුවන් සමාගමේ ආන්දෝලනාත්මක ගුවන් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් තවත් වාර්තා ඇත්නම් ඒවා නොපමාව ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා රජයේ විගණකාධිපතිවරයාට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා හා රජයේ විගණකාධිපතිවරයා අතර සාකච්ඡාවක් ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතය. මේ පළිබඳ විවාදයක් ලබන 20 වැනිදා මැතිබසයේදී පැවැත්වේ.