මාසයකට පසු රනිල්ට රංජන් මතක් වෙයි !

42

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජනවාරි 15 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු, ඊයේ (පෙබරවාරි 13) වන තෙක් ඔහු බැලීමට කිසිදු මන්ත්‍රීවරයෙකු බන්ධනාගාරයට නොයෑම විශේෂ කරුණකි.

ඊයේ හදිසියේම එජාප නායක රනිල් වික්‍රමසිංහ, රුවන් විජයවර්ධන, ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් බන්ධනාගාරයට ගොස් මන්ත්‍රීවරයා මුණගැසී තිබේ.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහු වැරදිකරුවෙකු ලෙස මුලින්ම හංවඩු ගසන ලද්දේ ද, ඔහු නියෝජනය කරන එජාපය යි. එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් ම රංජන් රාමනායක ව දැඩිව විවේචනය කළහ.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු, පක්ෂ – විපක්ෂ භේදයකින් තොරව බන්ධනාගාරයට ගොස් අත්අඩංගුවට ගත් පුද්ගලයා බැලීම මෙහි අනිවාර්යයෙන්ම සිදු වන්නකි. එහෙත් පසුගිය මාසය පුරා ම රංජන් බැලීමට ගොස් ඇත්තේ ඔහුගේ නඩුවට පෙනී සිටින් නීතිවේදීන් පමණි.

Previous articleගුරු විදුහල්පති සංගම් 30කින් උද්ඝෝෂණය අද
Next articleශ්‍රීලංකන් දින ඉල්ලයි කෝප් කමිටුව බෑ කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here