ගුරු විදුහල්පති සංගම් 30කින් උද්ඝෝෂණය අද

25

වැටුප් විෂමතා ඉවත් කිරීම, 2016 වසරේ සිය අහිමි කළ විශ්‍රාම වැටුප නැවත ලබා ගැනීම, දේශපාලන පළිගැනීම් නතර කිරීම, දේශපාලන පළිගැනීමවලට මුවා වී සිදු කරන පත්වීම් උසස්වීම නැවත සමාලෝචනය කිරිම, පන්තිකාමරවල ඉගැන්වීම්වලට බාධාවන අයුරින් අනවශ්‍ය කොල පිරවීම නතර කිරීම, අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන් කරණ මුදල් ප්‍රමාණය වැඩි කිරිම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් අද (14) පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විදුහල්පති උද්ඝෝෂණය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත් වේ.
මේ සඳහා රු විදුහල්පති සංගම් 30කින් පමණ විශාල ගුරුවරු පිරිසක්ද එක්වී සිටිති.

උක්ත ඉල්ලීම් ඇතුළු ප්‍රධාන ඉල්ලීම් මුල් කරගනිමින් පසුගිය 2019 දෙසැම්බර් 17 වනදා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සමග සාකච්ඡාවක්ද පැවැත්වූ අතර එහිදී 2020 පෙබරවාරි 03 වැනි දිනට පෙර මෙම ඉල්ලීම් ලබාදීමට අමාත්‍යවරයා එකඟතාවය පල කළ නමුත් මේ දක්වා එම පොරොන්දුව ඉටු කිරීමට ඔහු කටයුතු කර නැත.

ගුරු විදුහල්පති සංගම් මෙලෙස අද උද්ඝෝෂණයක් සංවිධායක කර ඇත්තේ ඒ හේතුවෙනි.
මේ සඳහා විසඳුම් නොලැබුන හොත් ලබන 26 වෙනිදා සමස්ත ලංකාවම ආවරණය වන පරිදි එක් දින වැඩ වර්ජනයක් කිරීමට කටයුතු කරන බව ගුරු වෘතීයසමිති පවසයි.

Previous articleමනු දහමට කළ අවමන් අරුම පුදුම බොදු පාසල් ආනන්ද, නාලන්ද, රාජකීය වැඩක්..!
Next articleමාසයකට පසු රනිල්ට රංජන් මතක් වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here