‘දහදිය සිත්තම’ කෙටි නාට්‍ය උළෙල අද

10

දහදිය සිත්තම ‘‘ජයලත් මනෝරත්න උපහාර’’ කෙටි නාට්‍ය උළෙල අද (13) සවස 2.30 ට මරදාන ටවර් රගහලේදී පැවැත්වෙයි. මෙම කෙටි නාට්‍ය උළෙල සඳහා නාට්‍ය 6 ක් ප‍්‍රවීණ නාට්‍යවේදීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ වේදිකාගත කිරීමට නියමිතව ඇත. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්‍ෂේත‍්‍රයන්හි සේවයේ නියුතු ජනතාවගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීම, වැඩිදියුණු කිරීම හා ජනගත කිරීමේ අරමුණු සහිතව මෙම කලා උළෙල වසර 12 ක් පුරාවට අඛණ්ඩව සිදුකරනු ලබයි. වැඩකරන ජනතාවගේ නිර්මාණශීලී හැකියාවන් එකම වේදිකාවක ඇගයීමට ලක්කරන ලාංකීය එකම කලා උළෙල මෙම උළෙලය.
දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල වෙනුවෙන් පුරා වසර 12 ක් තිස්සේ කරනු ලැබූ දායකත්වය සිහිකරමින් මෙවර කෙටි නාට්‍ය උළෙල ‘‘ජයලත් මනෝරත්න උපහාර’’ උළෙලක් ලෙස පැවැත්වීමට සාහිත්‍ය අනුකමිටුව තීරණය කර ඇත.
එම කෙටි නාට්‍ය උළෙල පළමු වටයේ පිටපත් විනිශ්චයකින් අනතුරුව දෙවන වටයේ විනිශ්චය වෙනුවෙන් වේදිකාගත කර අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය අවසන් උළෙල වෙනුවෙන් ඉදිරිපත් වීමට නියමිතව ඇත. වේදිකාගත කිරීමට නියමිත කෙටි නාට්‍ය,
හේෂාන් කුරුප්පු අධ්‍යක්‍ෂණය කල බෝම්බ ගැහුවට කමක් නෑ අපි සින්දු කියමු
ගාමිණී ප‍්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කල සිල්ලර මිනිස්සු
පේ‍්‍රමරත්න තෙන්නකෝන් අධ්‍යක්‍ෂණය කල වෘක අස්වැන්න
චතුරංග පෙරේරා අධ්‍යක්‍ෂණය කල ස්පෙෂල් ඩොට් කොම්
චරිත් මධුරංග අධ්‍යක්‍ෂණය කළ අන්කලූයි මමයි
සරත්චන්‍ද්‍ර වල්පොල අධ්‍යක්‍ෂණය කල කර්ටර්න් කෝල්
පෙබරවාරි 13 අද දින සවස 2.00 ට මරදාන ටවර් ර`ගහලේ පැවැත්වෙන කෙටි නාට්‍ය උළෙල නැරඹීම සඳහා ඇතුල්වීමේ ගාස්තු අය නොකරන අතර කලාකාමී සියලූ සහෘදයින්ට මේ හා සම්බන්ධ වන මෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනු කමිටුව විවෘත ආරාධනයක් කර සිටී.

Previous articleරොටඩම් ටෙනිස් – ස්ටෙෆානෝ සිට්සිපාස් තහවුරුයි
Next articleයාපා වරු අතර බල ගැටුමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here