‘කොවිඩ් නයින්ටීන්’ නිසාන් වසයි

12

චීනයෙන් අමතර කොටස් ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ජපානයේ පිහිටි තම කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා තිබේ. ඊට හේතුව වි ඇත්තේ

කොරෝනා වෛරස හෙවත් කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියත් සමග චීනයේ කර්මාන්ත ශාලා රැසක් වස තිබීමයි ඒ අතර නිසාන් අමතර කොටස් නිපදවන කර්මාන්ත ශාලාද වේ. ඉන් ලොව මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක කටයුතුවලට බලපෑම් එල්ල වී ඇත.

චීනයෙන් තමන්ගේ නිෂ්පාදන සඳහා අමතර කොටස් ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් පසුගිය සතියේ දකුණු කොරියානු හයිඋන්ඩායි මෝටර් රථ නිෂ්පාදන සමාගම ද තාවකාලිකව වසා දැමුණි. 

චීනය මෝටර් රථ කර්මාන්තයේ ගෝලීයව ප්‍රධාන පාර්ශවයක් වන අතර එහි ප්‍රධාන කර්මාන්තශාලා රැසක් වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ හුබෙයි පළාතේ පිහිටා ඇත.

චීන අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දෛනික කාර්යාලීය කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වීමට නියමිතව තිබුණ ද වෛරස අවදානම හේතුවෙන් කර්මාන්තශාලා රැසක් තවදුරටත් වසා දමා ඇති බව චීන වාර්තා පෙන්වා දෙයි.

Previous articleකොවිඩ් නයින්ටීන් පැය 24යි. මරණ 242යි
Next articleසෝනියා ඉවත් වෙන ලකුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here