කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ මරණ 242ක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 1357ක් ලෙසින් ඉහළ ගොස් ඇති බවයි.
කොරෝනා වෛරස කාණ්ඩයට අයත් වුවත්, මෙතෙක් හඳුනා නොගත් ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කිරීම නිසා මෙම වෛරසය ඊයේ දක්වා හැඳින්වූයේ නව කොරෝනා වෛරසය ලෙසයි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ සඳහා ඊයේ(12) නිල නාමය ‘කොවිඩ් නයින්ටීන්’ ලෙස නම් කළේය. ප්‍රකාශයට පත් කළේය.
කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මියගිය ගණන අද වනවිට 1357ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ලොව පුරා ආසාදිතයින් ගණන 60 000 ද ඉක්මවමින්.
එහෙත් නව මරණ සියල්ලම තවදුරටත් චීනයෙන්ම වාර්තා වෙයි. ඉන් පිටත් වාර්තා වූ එකම ආසධිතයා වාර්තා වූයේ පිලිපීනයෙනි.
මේ අතර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවරින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය..
මේ සමඟම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඉන්දුනීසියාවේ බාලි දූපතෙන්ද එක් ආසාදිතයෙක් වාර්තා වී ඇත. ඉන් සමස්ත සංචාරක ක්ෂේත්රයම දැඩි කැලඹීමට පත්කරමිනි.
දින කිහිපයක් පුරා ජපානයේ යොකොහෝමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ තවත් පුද්ගලයින් 39 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මේ ගණනත් සමඟ නෞකාවේ සිට මෙතෙක් හමුවූ ආසාදිතයින් මුළු ගණන 174ක්.
මේ අතර පසුගියදා ඉරානයේ ටෙහෙරාන් අගනුවර රෝහලකදී සිදුවූ කාන්තා මරණයක්, වෛරසය ආසාදනය හේතුවෙන් සිදුවී ඇතැයි ඉරාන බලධාරීන් සැක පළකරයි.
63 හැවිරිදි එම කාන්තාව මියගියේ කොවිඩ් නයින්ටීන් ආසාදනයෙන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.