නීතියට පිටින් ක්‍රීඩාපිටිය දෙන්න බෑ – දේවානි ජයතිලක

15

පසුගිය දා ආන්දෝලනයට පත් මීගමුව පුන්නකරය ප්‍රදේශයේ පිහිටි කඩොලාන පරිසරයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා බිම් කොටසක් නිදහස් කරන්නැයි ගම්වාසීන් වෙනුවෙන් ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා කළ ඉල්ලීමකට ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ඊයේ (12) සිය විරෝධය පළකළාය.

පසුගිය 10 වැනිදා තම ගමට බලපාන ධීවර ප්‍රශ්න රැසකට විසඳුම් ලබා ගැනීමට ඇමැතිවරයා කැඳවා මීගමුව පිටිපන ධීවර සමිති සංවර්ධන සමිති කාර්යාල ගොඩනැගිල්ලේ පැවැති සාකච්ඡාවකදී ගම්පහ දිසා වන නිලධාරිනිය මෙම විරෝධය පළකළාය.

විද්‍යාත්මක තීත්දු තීරණ නොගෙන ගමේ ගොඩේ මිනිස්සුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කළොත් පරිසරය විනාශ වී මිනිස්සුන්ට ජීවත්වීමට ඔක්සිජන් සපයා ගත නොහැකි නිසා තමන් කිසිසේත්ම නීතියට පිටින් වැඩ නොකරන්නේ යැයි පවසමින් වන නිලධාරී ජයතිලක මහත්මිය එම යෝජනාවට දැඩි ලෙස විරුද්ධව කරුණු දැක්වීම නිසා යෝජනාව ඉවත දැමීමට රාජ්‍ය ඇමැතිවරයාට සිදුවිය.

මේ එදින සිදුවූ සංවාදය

ඇමති සනත් නිශාන්ත :- ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් හදන්න විතරක්වත් අපිට මෙතන සුද්ද කර ගන්න බැරිද?

නිලධාරීනිය :- ⁣මේක පරිසර පද්ධතියක්.මේ වෙනකොට අපේ ටාගට් එකක් තියෙනවා කඩොලාන වලින් ඒෂියන් චැන්පියන් වෙන්න.එ්කෙදි අපට තව කඩොලාන භූමි හෙක්ටයාර් 10000ක් මදි.

ඊට අමතරව අනවසර ඉදිකිරීම් ගැන කතා කරද්දී ඔබතුමන්ගේ දැන් මේ ප්‍රජාවගෙන්ම ආවා මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම අපේ භූමිය අයිති කර⁣ගෙන ඉන්නෙ.

මම නගරාධිපතිතුමා එක්ක මේ ගැන කතා කරා.මේ මිනිස්සුන්ව අපි නැවත රීප්ලේස් කරලා වෙනම ෆ්ලැට් එකක් ගහලා පදිංචි කරවන්න.ඒ කරලා ⁣මේ ටිකේ නැවත කඩොලාන වවන්න පුලුවන්ද බලන්න.

ඇමති සනත් :- මිස් මේකයි අපි ඉන්නෙ බෙහොම පුංචි දූපතක.අනිත් රටවල් එක්ක බලද්දී පුංචි රටක්.මේකෙ එක පැත්තකින් වනජීවි /වන සංරක්ෂණය අනික් පැත්තෙන් වැව් සංරක්ෂණය.මේ කියන නීති පැත්තෙන් ගියාම මිනිස්සුන්ට ජීවත්වෙන්න තැනක් නැතිව යනවා.
ඒ නිසා ඔබතුමී ටිකක් නම්‍යශීලී වෙලා මෙතන පොඩ්ඩක් බේරලා දෙන්න කියන එකයි මගේ අදහස.
(ගම්පහ අත්පොලසන්)

ඇමති ගොට්ටෙක් :- අපිට පිට්ටනියක් නෑ සර්.පවුල් දෙදාස්ගාණක් ඉන්නවා.

නිලධාරීනිය :- ස පැහැදිලිවම මේක රජයෙ වනන්තර භූමියක්.වනන්තර භූමියක් නිදහස් කරන්න බෑ.

අැමති ගොට්ටෙක් :- එතකොට විල්පත්තුව විල්පත්තුව එතකොට කොහෙද හිටියෙ ඔයා?

නිලධාරීනිය :- ඒක ⁣ඔයාලා දේශපාලන අධිකාරියෙන් අහන්න.
ඇමතිතමා,,දැනට 60% ක් තියෙනවා වනාන්තර භූමි.ගම්පහට තියෙන්නෙ 1.6% යි.එකෙන් වනජීවි එකට තියෙන්නෙ අක්කර 18යි.ඒකෙනුත් බෙදනවා අන්න මේ වෙනකොට කච්චේරියෙ.කවුද මේවට වග කියන්නේ?අපට හුස්ම ගන්න බෑ කෝ ඔක්ෂිජන්?දැන් මේ වෙද්දි බොයිලේරු තියෙනවා 51ක්.එක බොයිලේරුවකට දවසකට දානවා ⁣⁣ටොන් 07ක් ගස්.ටොන් හතකින් පිටවෙන කාබන්ඩයොක්සයිඩ් උරා ගන්න කෝ ගස්?

ඇමති ගොට්ටෙක් :- අපිට ඔක්ෂිජන් වලින් වැඩක් නෑ.ළමයි මෙහෙ කුඩු ගංජා ගහනවා.

නිලධාරීනිය :- ඔක්ෂිජන් එපා කියලා මේ මිනිස්සු කියනවා.විද්‍යාත්මකව තීරණයක් ගන්නවද,නැත්නම් ගමේ ගොඩේ අයට ඕන විදියට වැඩ කරනවද?
එහෙමනම් ඉගෙනගෙන අපි මේ තනතුරු වලට එන්න ඕනෙ නෑ..එ්කයි මගේ ස්ථවරය…

ඇමති ගොට්ටෙක් :- පහුගිය කාලෙ හෝටලයක් එහෙමත් හැදුවෙ,එතකොට කොහෙද හිටියෙ.

නිලධාරීනිය :-මම ඇවිල්ලා අවුරුදු තුනයි.ඔයාලා මේකෙ ජීවිතකාලෙම ඉදලා ඇයි කතා නොකලෙ?මේක රජයෙ භූමියක් කියලා මම උසාවියෙදි ඔප්පු කරලා තියෙනවා.එහෙම නෑ කියලා කවුරුහරි කියනවනම් ඉදිරිපත් වෙන්න.

ඇමති සනත් :- ඔබතුමියත් ⁣සේවය කරන්නෙ ආණ්ඩුවට. දැන් මේ කාරණය පැත්තකින් තියලා ඔබතුමිය අපේ ව්‍යාපෘතියට සහය දෙනවද?

නිලධාරීනිය :- කිසිම ප්‍රශ්නයක් නෑ මට පැවරෙන කාර්‍යය මම උපරිමයෙන් කරනවා.හැබැයි නීතියට අනුව විතරයි.නීතියට පිටින් බෑ.

Previous articleසෝනියා ඉවත් වෙන ලකුණු
Next articleරොටඩම් ටෙනිස් – ස්ටෙෆානෝ සිට්සිපාස් තහවුරුයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here