ඉන්දියාව වසර 23ට පසු එක්දින තරඟාවලි පරාජයක්

5

ඉන්දියාව වසර 23 කට පසු එක්දින තරඟාවලිය ක් සම්පූර්ණයෙන් (white wash) පරාජය විය. නවසීලන්තය ලැබූ මේ ජයග්‍රහණයේ මහා නිර්මාපකයා රෝස් ටේලර් නම් වූ වසර ගණ්නක් පුරාවට ලොකු අගැයීමක් පවා නොමැතිව ඇතැම් විට සුවහසක් ඇනුම්පද වලට පවා ලක් වෙමින් නවසිලන්ත කණ්ඩායමේ මැද පෙල ආරක්ෂා කල ක්‍රීඩකයා ය. පලමු තරඟයේ ලකුණු 348 ක දැවැන්ත ඉලක්කය හඹා යමින් ජස්ප්‍රිත් බුම්රා ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් ට දිගට හරහට පහර දුන් රෝස් ටේලර් පන්දු 84 කදී නොදැවී ලකුණු 109 ක් ලබා ගනිමින් නවසීලන්තය ට ජයග්‍රහණය ලබා දෙන්නෙ පන්දු 11 ක් ඉතිරි ව තිබියදී ය.

දෙවැනි තරඟයේදි ලකුණු 197 කට කඩුළු 8ක් බිඳ වැටී තිබියදී තම මංගල තරඟ ය ට මුහුණ දෙන කයිල් ජේමිසන් සමඟ 9 වෙනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුණු 76 ක සම්බන්ධයක් පන්දු 51 දී ගොඩනගන රෝස් ටේලර් එහිදී පන්දු 74 ක දි නොදැවී ලකුණු 73 ක් ලබා ගනියි . රෝස් ටේලර් ගෙ සුවිශේෂී පිතිකරන , තුන්වැනි තරඟයේදි කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ගෙ පිති ප්‍රහාරය, හෙන්රි නිකල්ස් ආරම්භක පිතිකරුවකු ලෙස අතිසාර්ථක වීම හැරුණු කොට නිරීක්ෂණය වූ වැදගත් ම දෙය කයිල් ජේමිසන් නම්වූ නවක වේග පන්දු යවන්නා ගෙ සම්ප්‍රාප්තිය යි. දෙවෙනි තරඟයෙ තම පලමු පන්දු වාරයේදි ම වේගවත් ඉනිමක් සඳහා ආරම්භ ය සකස් කර ගනිමින් සිටි ප්‍රිති ෂෝ දවාගත් ඔහු තරඟයේ අවසන් භාගයේ දි ඉන්දියානු කණ්ඩායම දෙසට තරඟ ය ගෙනයමින් සිටි නවදීප් සයිනි දවා ගැනීමට සමත් විය . රෝස් ටේලර් සමඟ ඇතිකරගත් 9 වන කඩුල්ලෙ සම්බන්ධ ය ඔහුව සිය මංගල තරඟයේදි ම තරඟයේ වීරයා සම්මාන ය කරා යොමු කරවීමට සමත් විය . එම තරඟ ය පුරාවට ම අතිශය තර්ජනාත්මක විලාශයකින් පන්දු යැවීම ට ඔහු සමත් වීම නවසීලන්තය පැත්තෙන් ඉහළ බලාපොරොත්තු රදවන්නක් වෙයි.

Ross Taylor

නමුත් මෙහි දී මා දකින ප්‍රදාන නිරීක්ෂණය විරාත් කෝලි සහ රෝහිත් ශර්ම නොමැති වුවහොත් ඉන්දියානු කණ්ඩායම යනු සාමාන්‍ය කන්ඩායමක් බවයි , තරඟාවලිය පුරාවට විරාත් කෝලි ට සාර්ථක වීමට කිවියන් අවස්ථාවක් නොදුන් අතර ආබාධයක් හේතුවෙන් රෝහිත් ශර්ම ක්‍රීඩා නොකලේය. ශ්‍රියාස් අයියර් පලමු තරගයේදී ද, ලොකේෂ් රාහුල් තුන් වැනි තරඟයේදි ද ශතක රැස් කල නමුත් තරඟ සියල්ලම පහසුවෙන් ජය ගැනීමට කිවියෝ සමත් විය . ඒ අනුව මෙම නවකයන් දක්ශයන් වුවද ඔවුන් තරඟ දිනවිය හැකි ක්‍රීඩකයන් (match winning players ලා) නොවන්නේද කියා සැක ඇතිවේ. එය සරලව පැවසුවහොත් ඔවුන් සාර්ථක වන්නේ ඕනැ ම ක්‍රීඩකයෙක් සාර්ථක විය හැකි තත්ත්ව යටතේ වැන්නකි. තරඟ ජයග්‍රාහී ක්‍රීඩකයකු ට අනෙකුන් අසාර්ථක වන අවස්ථාව න් හීදි ද සාර්ථක විය හැකි අතර , අනෙකුන් පවා සාර්ථක වන අවස්ථාව න් හීදි ඔවුන් ට අතිසාර්ථක විය හැකි වේ. එනම් ඔවුන් ට එවැනි අවස්ථාව න් හිදි අති විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට හො ඉතා ඉහළ වේගයකින් ලකුණු රැස් කිරීමට හැකි වේ. විරාත් කෝලි සහ රෝහිත් ශර්ම එම ශිල්පයේ කෙල පැමිණියෝ වේ.
කොදෙව් තරඟාවලියේ සිට ම විරාත් කෝලි ගෙ යම් පසු බැසීමක් ඉතා සුළු වශයෙන් දැකිය හැකි විය . සාමාන්‍යයෙන් ලකුණු හඹා යෑම් වලදී ජයග්‍රහණයේ අඩිතාලම ලබා ගැනීමෙන් පසු දැවී නොයන විරාත් කෝලි එහිදී දැවී යනු දැකිය හැකි විය , ඔස්ට්‍රේලියානු තරඟාවලියෙදි ද ඉනිම අවසන් කිරීමට පෙර විරාත් කෝලි දැවී යන අවස්තස් පැවතුනි. මේවා ඉතා සාමාන්‍ය දේවල් වුවද විරාත් කෝලි නම් වූ මෙම අසාමාන්‍ය ක්‍රීඩකයාගේ ඉතා සුලු විචලන පවස් වෙනම ගෙන අධ්‍ය්නය කල යුතුය . කිවියන් විරාත් කෝලි පිලිබඳ ඉතා හොඳ අවබෝධය ක සිටි බව දක්නට තිබුණි . නමුත් අති ශූර ක්‍රීඩකයෙක් වන විරාත් කෝලි නැවත ඉතා ඉක්මනින් අඩුපාඩු හදාගනිමින් නැඟී සිටින බව ඉතා පැහැදිලි ය. බොහෝවිට එළඹෙන ටෙස්ට් තරඟාවලිය දි ර්‍එය දැකිය හැකි වීමට ඉඩ ඇත . නමුත් ලෝක ක්‍රිකට් ප්‍රජාව ඉහත නිරීක්ෂණය පිලිබඳ ව සැලකිලිමත් වීමද අනිවාර්යය වේ.

kyle jamieson

එමෙන්ම ජස්ප්‍රිත් බුම්රා ද මෙහිදී සාර්ථක මදි ය. එය අති විශාල ගැටලුවකි. සිතූ පැතූ ආකාරයට කඩුළු ලබා ගත හැකි පන්දු යවන්නෙක් වන ජස්ප්‍රිත් බුම්රා මෙලෙස අවම කඩුළු ප්‍රමාණයක් ලබා ගැනීමත්, ඔහුට කඩුළු නොදී ලකුණු ලබා ගැනීමේ ක්‍රම වේදයන් ප්‍රතිවාදීන් හඳුනා ගැනීමත් ඉන්දියාව හැකි ඉක්මනින් විසඳාගත යුතුම ගැටලුව කි. මෙම තත්ව යටතේ නැවත ත් Kul – Cha (කුල්දීප් යාදව් , යුස්වේන්ද්‍ර චහාල් ) සුසංයෝග ය එක්දින කන්ඩායම ට කැඳවිය යුතු බව ඉන්දියානු විචාරකයන්ගේ අදහස වෙමින් පවතියි , එවිට රවින්ද්‍ර ජඩේජා සමඟ දඟ පන්දු යවන්නන් තිදෙනෙක් සමඟ තරඟ ය ට අවතීර්ණ වන්නෙ ද යන්න තවත් ගැටලුව කි. අවශ්‍ය ඕනැ ම මොහොත කදී පිත්තෙන් පන්දුවෙන් හෝ පන්දු රැකීමෙන් කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වන තමන් ගෙ දීර්ඝ කාලීන සටන් සඟයා ව විරාත් කෝලි කිසිවිටක පහසුවෙන් බැහැර නොකරන බව ද පැහැදිලි ය. මේ අනුව බැලු කල ඉන්දියාව මේ මොහොතේ දි තමන් ගෙ දීර්ඝ කාලීන ගැටලු වූ අංක 4,5 ස්තාන සඳහා නිවැරැදි තෝරාගැනීම් සිදුකළ බව පාරම් බාමින් සිටිය ද විදෙස් පිටි වලදී තමන් ගෙ අනාරක්ෂිත බව හඳුනා ගත යුතු ව ඇත . මේවා කෙසේ වෙතත් රෝහිත් ශර්ම ක්‍රීඩා කලේ නම් මේ තරඟ 3 ම ඉන්දියාව පහසුවෙන් ජය ගැනීමට ද ඉඩ ඇති බව ද අප අවබෝධ කරගත යුතුය .

-චරිත දිසානායක

Previous articleජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවයි
Next articleකොවිඩ් නයින්ටීන් පැය 24යි. මරණ 242යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here