ප්‍රධාන පරිසර දූෂිතයා – ඇමසන්

10

ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් පිට කරන ප්‍රධානතම ස්ථානයක් ලෙස ඇමසන් වනාන්තරය හදුනාගෙන තිබේ. ඇමසන් වනාන්තරයෙන් පහෙන් එකක ප්‍රමාණයක් මෙසේ වායුගෝලයෙන් උරාගන්නා ප්‍රමාණයට වඩා වැඩි කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට කරන බව පර්‍යේෂණයකදී තහවුරු වී තිබේ.

වසර දහයකට අධික කාලයක් තිස්සේ කරන ලද මෙම පර්‍යේෂණයට අනුව මීට ප්‍රධාන හේතුව වන විනාශය යි. ස්වභාවික ගිනි ගැනීම් මෙන්ම මිනිසා විසින් ගිනි තැබීම් ද වැඩියෙන් ම සිදු වන්නේ ඇමසන් වනාන්තරයේ ය.

ශාක වැඩෙන විට ඔක්ෂිජන් පිට කරමින්, කාබන්ඩයොක්සයිඩ් උරාගත්තද, ශාක මිය ගිය විට කිසිදු වායුවක් උරා නොගනිමින් උරාගත් කාබන්ඩයොක්සයිඩ් පිට කරන බවත්, මේ හේතුව නිසා පසුගිය දශකයකට වැඩි කාලයකදී විනාශ කර දැමූ ඇමසන් වනාන්තරයෙන් සියයට 20 ක ප්‍රමාණය මේ වන විට අධික ලෙස කාබන්ඩයොක්සයිඩ් පිට කරමින් සිටින බවත් අදාළ පර්‍යේෂකයෝ අවධාරණය කරති.

බ්‍රසීල ජාතික පර්‍යේෂණ ආයතනයේ මහාචාර්ය ලුසියානා ගැටී ප්‍රමුඛ විද්‍යාග්නයන් කණ්ඩායමක් විසින් වසර 10 ක් තිස්සේ සති දෙකෙන් දෙකට ඇමසන් වනාන්තරයේ වෙනස්වීම් නිරීක්ෂණය කරමින් මේ පර්‍යේෂණය සිදු කර තිබේ.

ඇමසන් වනාන්තරයේ දකුණු දිග නැගෙනහිර කොටස සම්පූර්ණයෙන්ම කාබන්ඩයොක්සයිඩ් පිට කරන කලාපයක් ලෙස හදුනාගෙන ඇති බවත්, මෙය දේශගුණික විපර්යාස සදහා මෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සදහා ද තීරණාත්මක බලපෑමක් සිදු කරමින් සිටින බවත් මහාචාර්ය ගැටී අවධාරණය කරයි.

Previous articleචීනය දවස් 6 කින් රෝහලක් හැදුවේ කොහොමද?
Next articleජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here