“ගිවිසුම් අත්සන් කරන තුරු ආදරයෙන් පිළිගත්ත”

17

මැතිවරණයට පෙර ගොඩනගන නව සන්ධානයේ සම සභාපතිධූරය මෛත‍්‍රීපාල සිරිසේන ට අවශ්‍ය බවට එතුමා හෝ ශ්‍රී ලංකා නිදහස් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් එය ලබාදෙන බවට පොරොන්දු වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.

මේ වන විට ඇතැමුන් එම පොරොන්දු ගැන නොදැන කරන ප‍්‍රකාශ ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (11) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දුන් පොරොන්දු සම්බන්ධයෙන් ගැටලූ පවතී නම් ඒවා සාකච්ඡා කර විසඳා ගැනීමට සූදානම් බව කී මහලේකම්වරයා ඇතැමුන් එවැනි දේ මාධ්‍ය හමුවලදී හා මහමගදී ප‍්‍රකාශ කිරීම ගැන කණගාටු වන බව ද පැවසිය.
ගිවිසුම් අත්සන් කර කාර්යය කරවා ගන්නා තුරු ආදරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිළිගත් අය දැන් විවිධ දේ කියන බව පැවසූ ඇමතිවරයා පාවිච්චි කර ඉවත දැමීම හරි දැයි ජනතාව තීරණයක් ගනු ඇතැයි ද කීවේය.

Previous articleගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න දෙවැනි වරටත් දැනුම් දෙයි
Next articleචීනය දවස් 6 කින් රෝහලක් හැදුවේ කොහොමද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here