ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න දෙවැනි වරටත් දැනුම් දෙයි

9

හඬ පටි සිද්ධියත් සමඟ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සදහා කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටියට එරෙහිව අද දිනම (11) නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දෙවැනි වරටත් අද දින දැනුම් දුන්නේය

රන්ජන් රාමනායක සහ ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබාදී තිබියදී ඒ අනුව කටයුතු නොකර දින 18 කට පසු අධිකරණ බලසීමාව නොදැන සිටි බවට හා ඒ සම්බන්ධයෙන් විමසන තෙක් කිසිවක් නොකර සිටීම හාස්‍යයට කරුණක් බව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපිය මඟින් අවධාරණය කර ඇති බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.

Previous articleසයින්දමරුදුවලට නව නගර සභාවක්
Next article“ගිවිසුම් අත්සන් කරන තුරු ආදරයෙන් පිළිගත්ත”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here