චීන ජනාධිපති ෂී ජින්පිං බෙයිජිං නගරයේ ‘දීටන්’ රෝහලේ හා චාඕයං දිස්ත්‍රික් රෝග වැළැක්වීමේ හා පාලන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ. ඔහු දීටන් රෝහලට පැමිණ එහි නව කොරොනා වෛරස් ආසාධිතයින්ට ප්‍රතිකාර කිරීමේ තත්ත්වය විමසා බැලුවේය. එම රෝහලේ සිට ඔහු, විශේෂයෙන් ම වූහාන් නගරයේ බරපතල ආසාධිතයින්ට ප්‍රතිකාර කිරීමේ රෝහල් සමග වීඩියෝ සාකච්ඡාවක් පවත්වමින් එහි මධ්‍යම රාජ්‍ය උපදෙස් කණ්ඩායමේ හා හුබෙයි පළාත් කොරෝනා වසංගත පාලන කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසුවේය. අනතුරුව ෂී ජින්පිං බෙයිජිං නගරයේ චාඕයං දිස්ත්‍රික් රෝග වැළැක්වීමේ හා පාලන මධ්‍යස්ථානයට පැමිණ එහි හදිසි තත්ත්වයට මුහුණ දීමේ ක්‍රියාමාර්ග, වසංගත රෝග විද්‍යාව පිළිබඳ පරීක්ෂණ, බෙයිජිං නගරයේ වසංගතය වැළැක්වීමේ තත්ත්වය වැනි කටයුතු පිළිබඳව විමසා දැන ගත්තේය.