ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත තනතුරට පත් කර ඇති සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට පොලිසිය ඉදිරිපත් කර ඇති තොරතුරු අසත්‍යය වේ.
රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා පත් කරන පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ බලය මෙම කාරක සභාවට තිබේ. එහි දී අදාළ පුද්ගලයන් පිළිබඳ විශේෂ පොලිස් වාර්තාවක් ලබා ගැනීම ද අනිවාර්යය වේ. සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම හෙවත් කන්දඋඩ ආරච්චිගේ ප්‍රියන්ත ප්‍රසන්න චන්ද්‍රපේ‍්‍රම සම්බන්ධයෙන් මෙම විශේෂ පොලිස් වාර්තාව නිකුත් කර ඇත්තේ නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් විසින් ය.
ජනවාරි 29 වැනිදා පාර්ලිමේන්තුව වෙත එවා ඇති එම වාර්තාවට අනුව අදාළ තානාපති ධුරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර ඇති සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම 1990 වසරේ සිට නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ස්ථිර පදිංචි අයෙක් වන අතර, ඔහුට විරුද්ධව අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නැත. කිසිදු අධිකරණ කටයුත්තක් ඔහුට එරෙහිව සිදු වී ද නැත.
එහෙත්, පසුගිය 02 වැනිදා ‘ලංකා‘ පුවත් පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් අප අනාවරණය කළේ ’88 – 89 වසරේ සිදු කරන ලද ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් 2000 අගෝස්තු 15 වැනිදා සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව නීතිපතිවරයා විසින් එම නඩුව ඉවත් කරගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් අදාළ පොලිස් වාර්තාවේ නැත.
මෙම සුදුසුකම් පරීක්ෂා කිරීම පසුගිය 07 වැනිදා රැස් වන එම කාරක සභා රැස්වීමේ දී සිදු කිරීමට නියමිතව තිබිණි.
ශාලික විමලසේන