FA පොලිසියට

7

වසර 12 කට පසු ඒෆ්. ඒ කුසලානය දිනා ගැනීමට පොලිස් කණ්ඩායම සමත්විය. පොලිස් කණ්ඩායම  තරගාවලියේ අවසන් මහා තරගයේදී සෝන්ඩර්ස් කණ්ඩායම තියුණු තරගයකින් පසු පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය ලබා තිබේ.. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළයේ දෙවැනි අර්ධයේදී ගෝල 1 බැගින් රැස් කිරීමට කණ්ඩායම් දෙකම සමත් විය. ඒ අනුව තරගයේ කාළය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියදීය. තරගයේ ජයග්‍රාහකයා දඩුවම් පහර මගින් තීරණය කිරීමට විනිසුරුවන් ක්‍රියා කළ අතර එහිදී දඩුවම් පහර 6-5 ක් ලෙසින් ජය ගැනීමට පොලිස් කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකාවේ දැවැන්තම පාපන්දු තරගාවලිය වන එෆ්. ඒ කුසලානය, පොලිස් කණ්ඩායම විසින් මීට පෙර අවසන් වරට ජය ගත්තේ 2008 වර්ෂයේදීය. කෙසේ වෙතත් තරගාවලියේ වැඩිම ශූරතා ප්‍රමාණයකට(17) හිමිකම් කියනා සෝන්ඩර්ස් කණ්ඩායම අනුශුරතාව දිනාගත්තේ අඛණ්ඩව දෙවැනි වතාවටය.

Previous articleඅගමැති මෝදීට ස්තුතියි කියයි
Next articleH.A. පෙරේරා නොහොත් අපේ අපේ කාලයේ පාවෙල් කොර්චාගින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here