ස්වාධීන රූපවාහිනියේ (ITN) පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස පත් කර දින තුනකින් පත්වීම අහෝසි කර දෙසැම්බර් 31 දා ගෙදර යැවූ සුදර්මන් රදලියගොඩ අද (06) නැවත සේවයේ පිහිටුවා තිබේ.
නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් 27දා ස්වාධීන රූපවාහිනියේ (ITN) පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස වැඩබාර ගත් සුදර්මන් රදලියගොඩ දින තුනකට පසු එනම් දෙසැම්බර් (31) දින පස්වරුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කළේය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදිය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කලා ශිල්පී සුදත් රෝහණ ඉතා සුළු මොහොතකදී සුධර්මන් රදලියගොඩ තනතුරින් ඉවත්කර ජනාධිපති කාර්යාලයට හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය වෙත ඒ බව ලිඛිතව දැනුම් දීමට කටයුතු කළේය.
මේ අනුව සුදර්මන් රදලියගොඩ විසින් කඩුවෙල කම්කරු විනිශ්චය සභාවේ ගොනුකළ නඩුවකට අනුව නැවත සේවයෙහි පිහිටවන ලෙස තීන්දුව ලබා දී ඇති බව ITN සභාපති සුදත් රෝහණ විසින් අත්සන් කරන ලද ලිපියකින් සනාථ කර ඇත. එසේම දෙපාර්ශවයේ එකඟතාවය මත වූ සමත ප්‍රකාරව කොන්දේසි දෙකකටද යටත්වී ඇත.
මේ අනුව වැඩ තහනම් කළ දින සිට සේවය අවසන් කළ දින දක්වා නොගෙවූ වැඩුප් ගෙවිමටද තීරණය කර තිබේ.
