විශ‍්‍රාමික වැටුප් අහිමි කිරීමට එරෙහිව විරෝධතා

9

35/2019 (1)දරණ 2020. 01. 20 දිනැති චක‍්‍රලේඛය මගින් 2020 ජනවාරි සිට විශ‍්‍රාමිකයන්ට ගෙවීමට එකග වූ අවමය රු. 10500 ක් හා උපරිමය රු. 25000 ක් වන මුදල වත්මන් ආණ්ඩුව කපා හැරීමට එරෙහිව අද (06) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය මගින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වූ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමනකින් පසු විශ‍්‍රාමිකයින්ගේ ඉල්ලීම් සහිත සන්දේශයක් භාර දීමට කටයුතු කොට කළේය. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගනු ලබන පියවරයන් මත ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මෙම මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ පැවසීය.

Previous articleආයිබොවන්ඩ ජින්පිං
Next articleජනපති ගෙදර යැවූ සුදර්මන් යලි සේවයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here