ආයිබොවන්ඩ ජින්පිං

14

අලූත් මුහුණුවරකින් කලඑළි බහින ලංකා පත්තරෙන් හාපුරා කියා තමුන්නැහැ අමතන්න කල්පනා කොළේ ලොකු සතුටකින් වගේම හිතේ කැකෑරෙන දුකකුත් එක්කයි. සතුටට හේතුව තමා විශ්වමිත‍්‍රගේ ඇමතුමට ලක්වෙන පළවෙනි ලෝක නායකයා හැටියට ඈත අතීතතයේ හිටංම අපිත් එක්ක ඇයි හොඳයිකං කියන චීන දේසයේ නායකයා තෝරාගන්න ලැබීම. ඒ සතුට යට කරමින් පපුව යටින් දුක් ගින්දරක් මතු වෙන්නේ මුන්නැහැලගෙ රට දැන් මූණ දීලා තියෙන කොරෝනා වයිරස් පුරස්නෙ ගැන හිතෙනකොටයි.
මේ ලියමන ලියන වෙලාව වෙනකොට රෝගීන් ගණන 6000ක් විතර වෙන බවත් 150දෙනෙක් විතර මරණයට පත්වෙලා ඉන්න වගත් දැනගන්න ලැබුණා. බිලියන එකහමාරකට ආසන්න ජනගහනයක් ඉන්න මුන්නැහැලගෙ රටේ වසංගත රෝගයකින් දෙතුන් සියක් මරණයට පත්වෙන එක ඉලක්කංවලින් බලනකොට දරාගන්න බැරි විපතක් නොවුණත් වර්තමාන ලෝක සිතියමේ මහජන චීනය දිනාගෙන තියෙන ස්තානෙත් එක්ක ගලප්පද්දි තමා තමුන්නැහැලගෙ කීර්තිනාමෙට මේක ලොකු කැළලක් බව දැනෙන්නෙ නේද ජින්පිං ජනපතිතුමෝ?
එදා හාල් රබර් ගිවිසුමේ හිටං මෙදා පෝට් සිටිය දක්වා තමුන්නැහැලා අපට දීපු දේවල් ගැන රටේ නානාප‍්‍රකාර වාද විවාද තිබුණත් අපේ හදවත්වල තාමත් ජනනායක මා ඕ සේතුන් දල්වපු සහෝදරත්වයේ හා මනුස්සත්වයේ පහන්සිඵ ලෙළදෙන බව මතක් කොරන්ඩ ඕනා. අද තමුන්නැහැලා කොරෝනා ලෙඞ්ඩු වෙනුවෙන් දවස් හයකින් ඇඳන් 1000ක ඉස්පිරිතාලයක් ගොඩනගන්න තරන් හපන්නු වෙලා ඉන්න එක ගැන අපි ආඩම්බර වෙනවා වගේම මා ඕගෙ ජනතාවාදි දර්සනේ චීනෙට විතරක් සීමා කොරල බිල්ඩින්-පාලන්-පාරවල්වලට මුල් තැන දීල තියෙන එක ගැන කනස්සලූ වෙන බවත් කනගාටුවෙන් හරි නොකියා බැහැ ආයිබොවන්ඩ. ඇමරිකන් පොලිස්කාරයාට වගේම අනිත් කෙරුමන්ටත් ඔය කොරෝනා වයිරසේ චීනෙටත් වඩා ලොකු පුරස්නයක් වෙලා තියෙන්නෙ උන්දැලාට මුන්නැහැලගෙ දියුණුව ගැන තියෙන බයයි ඊරිසියාවයි හන්දය කියල අපි දන්නවා. කොටු වෙලා ඉන්න වුහාන් නගරවැසියන් වෙනුවෙන් හදපු ‘වුහාන් ජිනායු’ කියන දිරිගැන්වීමේ ගීතය චීන ජනතාව ගායනා කරන හැටි දැක්කහම අපිට හොඳට වැටහුණා බටහිර මාද්දියකාරයෝ කෙන්ද කන්දක් කොරගෙන නටන නාඩගමේ තරම. ඊට දෙවෙනි නැති අපේ මාද්දිය මුදලාලිලත් මේ දවස්වල රංජගේ හඩපටි කොන්ත‍්‍රාත්තුව ඩිංගිත්තකට පැත්තකින් තියලා මුකවාඩම් බිස්නස් එකට බැහැලා. තමුන්නැහැලත් මාද්දිය වාරණයක් දාලා ඇත්ත කතන්දරේ ලෝකෙට වහන් කොරනවය කියන කතාවත් ඒ අස්සේ කොරෝනා වයිරසේට වැඩි වේගයෙන් පැතිරෙන බව ඔහේටත් ආරංචි ඇති නේද ආයිබොවන්ඩ?
ලියමන අවසන් කොරන්න කලින් එකම එක ඉල්ලීමක් බොහොම කරුණාවෙන් ඉදිරිපත් කොරන්න කැමතියි. මේ ඉල්ලීම කොරන්නේ චීන ජනපතිගෙන් නොව මා ඕ සහෝදරයගෙ රතු චීනේ වත්මන් බාරකාරයගෙන් බවත් විසේසෙන්ම කියන්න ඕනා. අනේ ආයිබොවන්ඩ චීනෙ කොටුවෙලා ඉන්න අපේ කොල්ලො කෙල්ලො ඇතු`ඵ රටවැසියො ටික හොඳට රැුකබලාගන්න. උන් මෙහෙ එවනවාට වඩා ඔහේම ඉන්න එක අපේ හිතට සහනයක් බව කියන ගමන්ම කොරෝනා පුරස්නෙන් ඉක්මනටම ගොඩ එන්න චීනෙට වැඩි වැඩියෙන් හයිය හක්තිය ලැබේවා කියලත් ප‍්‍රාර්තනා කොරනවා.

Previous articleකටුනායක පාරට තවත් පාරක්
Next articleවිශ‍්‍රාමික වැටුප් අහිමි කිරීමට එරෙහිව විරෝධතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here