කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පිවිසීම සඳහා අලුතින් ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ කාර්යබහුල අවස්ථාවලදී පැමිණෙන හා පිටවන අධික මගීන් ප්‍රමාණය හේතුවෙන් එහි ප්‍රවේශ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවන බැවින් මෙම පියවර ගන්නා බවයි.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඒ අනුව මිනුවන්ගොඩ මාර්ගයේ සිට ද්විත්ව මංතීරු මාර්ග දෙකක් ඉදි කෙරෙනු ඇත.