අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිද නිවසෙන් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ. රහස් පොලිසිය විසින් කොළඹ 07 පිහිටි අදාල නිවස වෙත ගිය අවස්ථාවේදී මේ බව හෙලිව ඇත.
2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා මිලට ගැනීමේදී සිදුව ඇතැයි කියන ඩොලර් මිලියන 02ක අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.
මෙම දෙදෙනාට අයත් බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සදහා රහස් පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන ඇති අතර ඔවුනට රටින් පිටවීමද අධිකරණය විසින් තහනම් කර ඇත.
මෙසේ අත් අඩංගුනට ගැනීමට නියෝග කර තිබෙන කපිල චන්ද්‍රසේන අගමැති මහින්ද රාපක්ෂගේ සමීපතමයෙකි.